IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


යාපනයට පිටින් අලි ඇතුන් ගෙනඒමේදී දැඩි නීති

 

( රොමේෂ් මධුෂංක )

යාපනය දිස්ත්‍රීක්කයේ පැවත්වෙන විශේෂ ආගමික උත්සව අවස්ථා ඇතුලු සියලු උත්සව අවස්ථාවන් සඳහා පිටස්තර ප්‍රදේශයන්හි සිට අලි ඇතුල් රැගෙන ඒමේදී විශේෂ අවසරයක් තිබිය යුතු බවට යාපනය දිසාපති ඒ. සිවාපල සුන්දරම් මහතා විසින් දැනුම් දී තිබේ.

මෙතෙක් වගකිව යුතු නිලධාරීන්ගේ අධීක්ෂණයකින් තොරව අලිඇතුන් රැගෙන ඒමේදී සතුන්ටද හිරිහැරවීම් වාර්තා වී ඇති අතරම මහජනතාවටද හානිවීමේ දැඩි අවදානමක් පවතින බවට දිසාපතිවරයා විසින් පෙන්වා දෙයි.

මේ හේතුවෙන් අලිඇතුන් යාපනයට රැගෙන ඒනනේනම් පළමුව උතුරු පලාත් පශුසම්පත් නිශ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තු අධ්‍යක්ෂකවරයාට දැනුම් දී අවසරය ගැනීමෙන් අනතුරුව යාපනය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේ පත්කොට ඇති කමිටුවටද අදාල අවසරය යොමු කොට එම කමිටුවේද අවසරය ලබාගත යුතු බවටද දැනුම් දී ඇත.

විශේෂයෙන් යාපනයේ පැවත්වෙන කෝවිල් උත්සයන්ට මීට පෙර අලිඇතුන් රැගෙන ඒමක් සිදු නොවුනද පසුගිය ගෙවී ගිය කාලය තුලදී විවිධ කෝවිල් උත්සවයන් සඳහා අලිඇතුන් රැගෙන ඒම සිදුවූ අතරම එසේ අලි ඇතුන් රැගෙන ඒම දකුණු ප්‍රදේශයේ සිට සිදුවූ අතර අලි ඇතුන් රැගෙන එන පාර්ශවයන් විසින් කිසිදු ආරක්ෂක පියවරක් නොගෙන ඇති බවටද යාපනය දිසාපතිවරයා විසින් වැඩිදුරටත් පෙන්වා දෙයි.

 



අදහස් (4)

යාපනයට පිටින් අලි ඇතුන් ගෙනඒමේදී දැඩි නීති

wedage Monday, 24 July 2023 03:03 PM

රනිලයට යන්නත් අවසර ඕනද ?

:       5       13

PereraTuesday, 25 July 2023 12:17 AM

වෙදාගේ වැඩකට නැති සුදු අලින්ට ඔය රෙගුලාසි බලපාන්නේ නැතුව ඇති

:       0       0

මොට්ටපාල Monday, 24 July 2023 03:08 PM

මට තේරෙන්නෙ නැහැ යාපනේට ඉන්නෙ දිසාපති කෙනෙක් ,අනෙක් පළාත් වලට තේරුමක් නැති දිස්ත්‍රික් ලේකම් කෙනෙක් . කොහොම වුනත් අවුරුදු 31 දිස්ත්‍රික් ලේකම්ලා උන්නත් ජනතාව තවමත් කියන්නෙ දිසාපති කාර්‍යාලය නැත්නම් කච්චේරිය කියලා වගේම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය ඒජීඒ ඔෆිස් කියලා තමයි ඇත්තටම මොනවාද මේ කියලා හිතාගන්න බැහැ .තවත් මෙහෙම දේවල් තියෙනවා මැතිවරණ දෙපාර්තමේන්තු කාරයාලයට මැතිවරණ දෙපාර්තමේන්තුව නොකියා මැතිවරණ මහලේකම් කාර්යාලය කියනවා ඒකෙත් මැතිවරණ ලේකම් කෙනෙක් හිටියනම් හරි කියමුකෝ ඒත් ඉන්නෙ කොමසාරිස් කෙනෙක් .එහෙම කෝලම් කුට්ටම් අනන්තවත් තියෙනවා මම හිතන්නේ මේවා රාජ්‍ය සේවයේ පරිහානියට හේතු වෙනවා කියලා තමයි

:       2       17

de silva Tuesday, 25 July 2023 01:43 AM

අලියා විෂය අයිති වනජීවී එකටද යාපනේ දිස්ත්‍රික් ලේකම්ටද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 454 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 250 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site