IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


යාපනයේ සිසුවෙක්ගෙන් උපන්දිනයට මත්පැන් සාදයක්

(සිතුම් චතුරංග)

මිතුරාගේ උපන්දිනයට මත්පැන් පානය කරමින් සිටි යාපනය ප්‍රසිද්ධ පාසලක උසස් පෙළ සිසුන් සිව්දෙනකු යාපනය, බ්‍රවුන් වීදිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය පවසයි.

මාපියන්ට උපකාරක පංති යන බව පවසා මුදල්ද රැගෙන ගොස් සිසුන් සිව්දෙනා එම මුදල වලට මත්පැන් මිළදීගෙන පානය කරමින් සිටියදි අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය.

මත්පැන් පානය කොට අශෝභන ලෙස හැසිරෙන කණ්ඩායමක් පිළිබඳ ප්‍රදේශවාසීන් පොලිසිය වෙත ලබාදුන් තොරතුරක් මත සිසුන් සිව්දෙනා අත්අඩංගුවටගත් බව පැවසීය.

උපකාරක පංතිවලට සහභාගීවිම සඳහා පිටව යන බවට මාපියන් වෙත පවසා පැමිණ ඇති සිසුන්, මිතුරකුගේ උපන්දිනය සමරමින් එලෙස මත්පැන් පානය කොට ඇති බවට සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී සිසුන් පවසා ඇති බවද පොලිසිය පැවසූහ.

වයස අවුරුදු 17 ක් හා 18 ක් වන සිසුන් සිව්දෙනෙකු එලෙස මත්පැන් පානය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන්ගේ මාපියන් කැඳවා සිසුන්ට දැඩිව අවවාද කොට දෙමාපියන් වෙත භාරදුන් බවද පොලිසිය පැවසීය.

 



අදහස් (0)

යාපනයේ සිසුවෙක්ගෙන් උපන්දිනයට මත්පැන් සාදයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 541 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site