(අංජුල මහික වීරරත්න)
යහපාලන ආණ්ඩුවට පෙර පැවැති පාලන සමයේ (2010-2015) ඉදිකිරීම් ඇරඹූ යාපනය ජනාධිපති මන්දිර පරිශ්‍රය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයට (SLIIT) බදු දීමට රජය තීරණය කර තිබේ.
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක දී මෙම තීරණයට එළඹ ඇත.
කන්කසන්තුරේ පිහිටි මෙම මන්දිර පරිශ්‍රයට අක්කර 29 ක භූමියක් අයත් වන අතර එයින් අක්කර 12ක ගොඩනැගිලි සංකීර්ණ පිහිටා තිබේ.
ඉතිරි ප්‍රමාණය ප්‍රදේශයේ ජනතාවගෙන් පවරා ගනු ලැබූ ඉඩම් වන අතර රජයට අයත් අක්කර 12ක ප්‍රමාණය මුලින් SLIIT ආයතනයට බදු දීමට තීරණය කෙරිණි.
ජනතාවගෙන් පවරා ගනු ලැබූ ඉතිරි අක්කර 17ක භූමි ප්‍රදේශය ද එම ජනතාවට ආදායමක් ලැබෙන පදනමක් මත SLIIT ආයතනයට බදු පදනමට ලබා දීමට තීරණය කෙරිණි.
දැනට මෙම ඉඩම නාවික හමුදා භාරයේ පවතින අතර අදාල බදු ගිවිසුම අත්සන් කළ පසුව එම පරිශ්‍රය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය වෙත මුදා හැරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් හොඳයි.
ගොඩක් හොඳයි.. මොකද දකුණට කරපුවගෙ ඵලවිපාක මිනිස්සු තාම ගෙවනවා. තව අවුරුදු 100 ක් ගියත් ගෙවන්න වෙනවා... හම්බන්තොට පාරවල් ටික, ගාල්ලෙන් එහාට හදපු හයිවේ එක, සම්මන්ත්‍රණ ශාලා, මත්තල ගුවන්තොටුපල, හම්බන්තොට වරාය ඔය වගේ සුදු අලි නිසා තමයි මේ රටට මෙහෙම වුනේ... අනික රුහුණ විශ්ව විද්‍යාලයට දෙන සම්පත් යාපනය, රජරට වගේ විශ්ව විද්‍යාලවලට දුන්නා නම් මේ රටට වැඩක් කරන්න පුළුවන් මිනිස්සු ටිකක් බිහිකර ගන්න පුළුවන්..
හොඳ තීරණයක්...
සියලුම ජනාධිපති සහ අගමැති මන්දිර කොළඹ ඒවා හැර හෝටල් වලට දුන්නානම් හරි හොඳ ආදායමක් ගන්න තිබුනා