IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


යාපනය ජනාධිපති මන්දිරය බදු දෙයි

(අංජුල මහික වීරරත්න)

යහපාලන ආණ්ඩුවට පෙර පැවැති පාලන සමයේ (2010-2015) ඉදිකිරීම් ඇරඹූ යාපනය ජනාධිපති මන්දිර පරිශ්‍රය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයට (SLIIT) බදු දීමට රජය තීරණය කර තිබේ.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක දී මෙම තීරණයට එළඹ ඇත.

කන්කසන්තුරේ පිහිටි මෙම මන්දිර පරිශ්‍රයට අක්කර 29 ක භූමියක් අයත් වන අතර එයින් අක්කර 12ක ගොඩනැගිලි සංකීර්ණ පිහිටා තිබේ.

ඉතිරි ප්‍රමාණය ප්‍රදේශයේ ජනතාවගෙන් පවරා ගනු ලැබූ ඉඩම් වන අතර රජයට අයත් අක්කර 12ක ප්‍රමාණය මුලින් SLIIT ආයතනයට බදු දීමට තීරණය කෙරිණි.

ජනතාවගෙන් පවරා ගනු ලැබූ ඉතිරි අක්කර 17ක භූමි ප්‍රදේශය ද එම ජනතාවට ආදායමක් ලැබෙන පදනමක් මත SLIIT ආයතනයට බදු පදනමට ලබා දීමට තීරණය කෙරිණි.

දැනට මෙම ඉඩම නාවික හමුදා භාරයේ පවතින අතර අදාල බදු ගිවිසුම අත්සන් කළ පසුව එම පරිශ්‍රය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය වෙත මුදා හැරීමට නියමිතය.

 



අදහස් (5)

යාපනය ජනාධිපති මන්දිරය බදු දෙයි

පුරවැසියෙක් Saturday, 14 October 2023 12:29 PM

ගොඩක් හොඳයි.

:       56       31

ABSaturday, 14 October 2023 08:33 PM

යාපනය ජනාධිපති මන්දිර පරිශ්‍රය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයට (SLIIT) බදු දීමට රජය තීරණය කිරීම අගය කලයුතු ක්‍රියාවක්... මෙවැනි වැදගත් රට වෙනුවෙන් ගන්නා තීරණ ජාතිවාදී හෝ පක්ෂ පාතී හෝ එක් පුද්ගලයකු වෙනුවෙන් නොව දහසක් තරුණ පිරිසගේ අද්යාපන දියුණුව වෙනුවෙන් ක්‍රියාත්මක වනු ඇත.

:       0       0

විහඟ Saturday, 14 October 2023 04:17 PM

ගොඩක් හොඳයි.. මොකද දකුණට කරපුවගෙ ඵලවිපාක මිනිස්සු තාම ගෙවනවා. තව අවුරුදු 100 ක් ගියත් ගෙවන්න වෙනවා... හම්බන්තොට පාරවල් ටික, ගාල්ලෙන් එහාට හදපු හයිවේ එක, සම්මන්ත්‍රණ ශාලා, මත්තල ගුවන්තොටුපල, හම්බන්තොට වරාය ඔය වගේ සුදු අලි නිසා තමයි මේ රටට මෙහෙම වුනේ... අනික රුහුණ විශ්ව විද්‍යාලයට දෙන සම්පත් යාපනය, රජරට වගේ විශ්ව විද්‍යාලවලට දුන්නා නම් මේ රටට වැඩක් කරන්න පුළුවන් මිනිස්සු ටිකක් බිහිකර ගන්න පුළුවන්..

:       59       28

City Saturday, 14 October 2023 06:21 PM

හොඳ තීරණයක්...

:       37       21

Sampath Abeygunasekara Saturday, 14 October 2023 11:16 PM

සියලුම ජනාධිපති සහ අගමැති මන්දිර කොළඹ ඒවා හැර හෝටල් වලට දුන්නානම් හරි හොඳ ආදායමක් ගන්න තිබුනා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 219 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2081 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1593 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site