(අංජුල මහික වීරරත්න)
යාපනය දිස්ත්‍රික්කයේ ගොවීන්ගෙන් කප්පම් ගන්නා කල්ලියක් සම්බන්ධව වාර්තා වී ඇති බැවින් එම පිරිස වහාම අත් අඩංගුවට ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා යාපනය පොලිස් ප්‍රධානීන්ට අද (15) උපදෙස් දුන්නේය.
යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේදී පැවැති විශේෂ කෘෂිකාර්මික කමිටු රැස්වීමේදී ගොවීන් අමාත්‍යවරයාට පැමිණිලි කර ඇත්තේ කප්පම් කල්ලිය ගැන මෙතෙක් පොලිසිය කිසිදු පියවරක් ගෙන නැති බවයි.
ගොවීන් වගා අස්වැන්න යාපනයේ වෙළෙඳපොළට අලෙවිය සඳහා ගෙන එන විට සංවිධානාත්මක කල්ලියක් සෑම දිනකම කප්පම් ලබා ගන්නා බවත් යාපනය, කොඩිකාමම්, හා සින්නවේලි මාර්කට් වල කාලයක් තිස්සේ මෙම කප්පම් කල්ලිය ක්‍රියාත්මක වී සිටින බවත් ගොවීහු පැවසූහ.
මෙහිදී පොලිසිය අමාත්‍යවරයාට දැනුම් දී ඇත්තේ කප්පම් කල්ලිය ගැන පැමිණිල්ලක් මෙතෙක් ඉදිරිපත්ව නැති බවයි.
කෘෂිකර්ම කමිටුවට අදාල පැමිණිල්ල මෙන්ම තොරතුරු ඉදිරිපත් ව ඇති හෙයින් බුද්ධි අංශ නිලධාරීන් යොදවා හෝ කප්පම් කල්ලිය අත් අඩංගුවට ගැනීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා පොලිසියට උපදෙස් දුන්නේය.
මෙම සාකච්ඡාවට උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම් චාර්ල්ස් මහත්මියද සහභාගී වූවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනී මැරුවත්, පැමිණිල්ලක් නැත්නම් පොලිසිය නොදැක්කා වගේ සිටියි.
රටේ මිනිස්සුන්ට පාට් දාන කල්ලියක් දියවන්නාව පැත්තෙත් ඉන්නවා
මට මතක් වුණා එක දේශපාලුවෙක් අනුන්ගේ විදුලි බිලක් ගෙව්වා නේද කියලා... ඒක ඔය වගේ දෙයක් නොවෙන්නේ මොන හේතුවක් නිසාද කියලා නොදන්නා කමට අහන්නේ...