
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
යාපනය මන්දගායි රෝහලේ තරුණ වෛද්‍යවරයකු රෝහල් පරිශ්‍රයේ පිහිටි සිය නිල කාමරයේ නිදන ඇඳ මත අබිරහස් ලෙස මියගොස් සිටියදී පේදුරුතුඩුව මූලස්ථාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සොයා ගනු ලැබීය.
මියගොස් ඇත්තේ ප්‍රේමානන්ද රාසා නමැති 30 හැවිරිදි අවිවාහක වෛද්‍යවරයෙකි.
මෙම වෛද්‍යවරයා පසුගිය දහවැනිදා සේවා කටයුතු නිමකර පිටව ගොස් ඇතත් නියමිත පරිදි පෙරේදා රාජකාරියට වාර්තා කර නොමැති බව හෙළිවී ඇත.
හිතවත් වෛද්‍යවරයකු ඒ ගැන විපරම් කර බැලීමට නිල කාමරයට ගොස් නම කියා කිහිප වරක් කතා කළත් ඊට ප්‍රතිචාර නොදැක්වූ නිසා දොර කඩා ඇතුළුවීමේදී පේමානන්ද රාශා මහතා නිදන කාමරයේ ඇඳ මත උඩුබැලි අතට වැටී මියගොස් සිටින අයුරු දැක ඇතැයි පොලිසිය සදහන් කරයි.
මෙම වෛද්‍යවරයාගේ නාසයෙන් ලේ ගලා ගොස් තිබෙන අයුරු ද දැකගැනීමට ඇතැයි පොලිසිය සඳහන් කරයි.
පේදුරුතුඩුව මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ කේ. වාසුදේවන් මහතා එම රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා තිබේ.
2025 දෙසැම්බර් මස 18
517
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1064
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යාපනේ තරුණ දොස්තරගේ සිරුර නිල නිවෙසේ ඇද උඩ
සෙනරත් Friday, 14 June 2024 10:27 AM
නාසයෙන් ලේ ගලලා නම් හාර්ට් ඇටෑක්