(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා කෙටි ධාවන ශූර යුපුන් අබේකෝන්, ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර 100 පිරිමි ඉසව්වට සුදුසුකම් ලබාගැනීමට සමත් විය.
ශ්‍රී ලංකා ක්‍රීඩකයකු ඔලිම්පික් ක්‍රීඩා උළෙලක මීටර 100 ඉසව්වට වසර 30 කට ආසන්න කාලයකට පසුව සුදුසුකම් ලැබීම මෙහිදී කැපී පෙනේ.
ශ්‍රී ලංකා හිටපු කෙටි දුර ධාවන ශූර ශ්‍රියන්ත දිසානායක 1992 වසරේ බාසිලෝනා ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රීඩකයකු ඔලිම්පික් ක්‍රීඩා උළෙලක මීටර 100 ඉසව්වට සුදුසුකම් ලබා නැත.
යුපුන් අබේකෝන්, එම ඉසව්ව තත්පර 10.15 කින් අවසන් කරමින් පසුගියදා දකුණු ආසියානු සහ ශ්‍රී ලංකා වාර්තා කීපවරක් අලුත් කිරීමට සමත් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුතේ නුබට ලන්කාමාතාවගේ නෙත් සතුටු කදුලින් තෙත් කිරීමට වාසනාව උදා වේවා......නුබට හදවතින්ම අප සුබ පතන්නෙමු.
සුබ පැතුම්.. විශිෂ්ට ජයග්රහණයක් ලබන්න ඔබට යෝධ බලයක්, යෝධ ශක්තියක් ලැබේවා...! අපේ රටේ සියලු දෙනාගේම ආශීර්වාදය ඔබට ලැබේවා...!!!