(යොහාන් භාසුර)
ව්‍යජ තොරතුරු පදනම්ව ශ්‍රී ලංකා මන්දපෝෂණයෙන් දෙවැනි ස්ථානයට පත්ව ඇතැයි ප්‍රසිද්ධ කළ ‘යුනිසෙෆ්’ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතයා වාහාම රටින් පිටුවහල් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතා අද (25) පැවසීය.
එම ප්‍රසිද්ධ කිරීමත් සමඟ රට තුළ ආහාර හිඟයක් නිසා මන්දපෝෂණය ඇතිවී තිබෙන්නේ යැයි දේශපාලඥායින් සහ වෘත්තීය සමිති විශාල ප්‍රචාරයක් ගෙන යමින් දේශපාලන වාසි ලබාගැනීමට උත්සහ කරමින් සිටින බව කී බෙල්ලන මහතා රට තුළ ආහාර හිඟයක් ඇති බවට කරන ප්‍රචාරයන් අසත්‍ය බව ද සඳහන් කළේය.
‘යුනිසෙෆ්’ සංවිධානයට ශ්‍රී ලංකාව ද සාමාජික මුදල් ගෙවන බැවින් එම සංවිධානය මෙවැනි ප්‍රචාරයක් කිරීම කිසිඳු ලෙසකින් අනුමත කළ නොහැකි බවත් මෙය එම සංවිධානය කළ ව්‍යාජ මෙන්ම වගකීම් විරහිත ප්‍රකාශයක් බවත් බෙල්ලන මහතා සඳහන් කළේය.
ඉන්දියාව සහ බංග්ලාදේශ වැඩි රටවල්වල ශ්‍රී ලංකාවට වඩා මන්දපෝෂණ තත්වයක් ඇති බව කී බෙල්ලන මහතා සඳහන් කළේ දරුවෙක් දහවල් ආහාරයට පොල් කෑවා යැයි කියන සිද්ධියක් යොදාගෙන ඇතැමුන් දේශපාලනය කරන බවත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාව මානසික වෛද්‍යවරයකුට යොමුකරලා, මෙයාගේ බුද්ධිය ගැන සොයා බැලිය යුතුයි. මෙයා ආණ්ඩුවට කඩේ යන විදියට, ආණ්ඩු පක්ෂයේ ජාතික ලැයිස්තුවේ පුරප්පාඩුවක් ආවොත්, බොහෝදුරට මෙයා පත් කරන්න ඉඩ තියනවා...
සාගර කාරියවසම් මෙයාට වඩා සිය දහස් ගුණයක් හොඳයිනේ...
අධි පෝෂණය නැමැති ලෙඩෙන් මොලේ කචල් වෙලා... ! මෙයාට හොඳට පොල් කවන්න. පොල්වතුර හැඳි දෙක බැගින් උදේ, දවල් හා රෑ කෑමෙන් පසු දෙන්න.
ගෑස්, එළවලු, මාලු, ඉන්ධන තුන් හතර ගුණයකින් ඉහළ ගිහින්... නමුත් අපේ වැටුප් වැඩිවෙලා නැහැ. මිනිස්සු දිනකට වේලක් හෝ දෙකක් කන්නේ. රටේ මන්ද පෝෂණය හිස ඔසවමින් තිබෙනවා. අපිට ආහාර දීලා උදව් කරන යුනිසෙෆ් සංවිධානයත් එළවා දැම්මාම අපට උදව් කරන්නේ දොස්තර සංගමයද?
පොල් යනු සමබල ආහාරයක් නොවේ...
රටට මෙච්චර වෙලත් මෙයාලගේ කටනම්.... හෙන වදිනවා.
විකාර දොස්තර කෙනෙක්... එක දොස්තර කෙනෙක් නන්දසේන ගැන උපදෙස් දීපු නිසා තමයි අද ආහාර ප්‍රශ්නෙ ඇති වුණේ... මෙයා හදන්නේ යුනිසෙෆ් නියෝජිතයාවත් එළවලා දමලා අපව කබලෙන් ලිපට දාන්න.
අපෝ, දැන් රටේ හොඳට කන්න බොන්න තියෙනවනේ... මේ වගේ අය තමයි රට විනාශ කරන්නේ...!
පොල් කන නාම්..
මොමොහුගේ වෛද්‍ය උපාධිය හරි එකක්දැයි වහාම සොයාබලන්න
ලංකාවේ කාලකන්නිකම කියන්නේ දොස්තරලාත් පක්ෂ, පාට වලට කඩේ යන කාලකන්නින් පිරිසක් වීමයි. මෙයා ආණ්ඩුවට කඩේ යනවා. තව කට්ටියක් විපක්ෂයට කඩේ යනවා. දොස්තර කමටත් නිගාදෙන අය. පොඩි අය හාමතේ...!
මෙහෙම පන්දම් කාරයෝ කොහෙත් ඉන්නවා.
මෙයා කියන විදිහට ලංකාවේ මොකුත් ප්‍රශ්නයක් නෑ, රට බංකොළොත් වෙලත් නෑ. UNICEF, WHO වගේ සංවිධාන වැඩකුත් නෑ. මෙවන්නන් ඉන්න රටකට දෙවියන්ගේම පිහිටයි.
මේ වගෙ පිස්සො තමා රට මෙ තත්වයට පත් කරේ.
මෙයාලාට මේවා දැනෙන්නේ නෑ.. ඔයාලාට වගේ හැමෝටම ලක්ෂ ගණන් පඩි ලැබෙන්නේ නැහැ. සමබල තියා බඩ පිරෙන්න වේල් 2ක් වත් කන්න නැති ළමයි ලංකාවේ ඕනෑතරම් ඉන්නවා. සීත කාමරවල ඉඳන් කෑගැහුවාට ඕවා තේරෙන්නේ නෑ...
අවුරුදු ගානක් මහින්ද රට කරපු කාලේ ඒ හිටපු ඇමතිලාට මෙයා පලු යන්න බැන්නා රාජිතගේ සහ යු එන් පී ආන්ඩුවක අවශ්‍යතාවය පෙන්න පෙන්නා. ඒ කාලේ කෙහෙලියත් මෙයාගෙන් කාපු කෙනෙක්. දැන් රනිල් විතරක් ඒ ඇමති ගොඩේ ඉඳිද්දී අර බැනපු අයවම හොඳ වෙලා. කියෙව්වමත් පුදුම හිතුනා මේ මොකද මෙයාගේ මොලයට වෙලා තියෙන්නේ කියලා. සමන් රත්නප්‍රියට තැනක් ලැබුනු නිසා මෙයත් පාට මාරු කරා වගේ. අනේද කියන්නේ. දැන් ඉතින් ආයි කවදාවත් විශ්වාස කරන්න හොඳ නැති කෙනෙක් බව එයාම ඔප්පු කරා.