
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මිල්ලනිය පරගස්තොට ටයිල් නිෂ්පාදන කර්මාන්තශාලාවක යන්ත්‍රයකට හිස සිරවීමෙන් ඉන්දියානු ජාතික තරුණයෙක් අද (11) මියගිය බව මිල්ලනිය පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ කේ මහේන් නමැති 24 හැවිරිදි පුද්ගලයෙකි.
ටයිල් කැට නවය බැගින් ස්වයංක්‍රීය වූ ඔසවන යන්ත්‍ර කොටසකට ඔහුගේ හිස සිර වී ඇතැයි පොලිසිය කියයි.
මියගිය පුද්ගලයා වෙනත් ස්ථානයක සේවය කරන අතර ටයිල් කැට මත සිට විවේක ගනිමින් සිටියදී ඔහුට නින්ද ගොස් ඇති අතර එම අවස්ථාවේදී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි .
අනතුර දුටු ආරක්ෂක නිලධාරීහු වහා ක්‍රියාත්මක වූ සෙසු පුද්ගලයන් සමග බරපතළ තුවාල ලබා සිටි පුද්ගලයා හොරණ මූලික රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට ඇතැයි රෝහල් ප්‍රකාශකයකු පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියානු ජාතිකයෙක්.. බොහොම හොඳයි. මේ රටේ මිනිස්සුන්ට රස්සාවල් නැතිව ඉන්නකොට.. මේ රටේ ආදායම් නැතිව වියදම් විතරක් වෙනකොට.. විදේශ කම්කරුවෝ මෙහෙ රැකියාවල නිරත වෙද්දී ඒ වැටුප් මුදල් යන්නේ කොහෙටද? කාටවත් තේරුණාද මන්දා..?
ඒ කියන්නේ ලංකාවේ ඉන්දියානු ජාතිකයිනුත් වැඩ.. අපිට කම්කරු හිඟයක් ආවේ කවදා ඉඳලද?
ඉන්දියානු ජාතික තරුණයෙකු හෝ වෙනත් ඕනෑම ජාතියක තරුණයෙක් වැඩ කරන්නේ ලංකාවේ නම් ඔහුව වැඩපලක ආරක්ෂිත ලෙස සේවයේ යෙදවීමට බලධාරීන්හට වගකීමක් තිබේ. තුන්වන ලෝකයේ රටක උවද කම්කරුවෙකු සතු අයිතිවාසිකම නැතිවන්නේ නැත. අපි සියල්ලෝම මානව වර්ගය වන්නෙමු. දැනට කම්කරු අමාත්‍යවරයා ලෙස නිමල් සිරිපාල මහතා ගෙන ඇති පියවර අගය කරන නමුත් සැහීමකට පත්විය නොහැක. වහාම වැඩපොළ ආරක්ෂාව සහ සෞඛ්‍ය පිළිබඳව නව පනතක් සමග වැඩපොළ සෞඛ්‍ය සහ ආරක්ෂාව පිලිබදව කිසිම බලපෑමකින් නතර කල නොහැකි ලෙස කටයුතු කල හැකි අධිකාරියක් සහිත යාන්ත්‍රණයක් සකසන්න. එයට රක්ෂණ ක්‍රමයක් සහ සේවක වන්දි, හදිසි උපකාර, වැටුප් ලබා දිය හැකි බලතල ලබාදෙන්න. අමාරු උවත් ලෝක කම්කරු සංවිධානය හරහා දියුණු රටවල උදව් ගන්න. මෙවැනි අකල් මරණ වහාම නවතා ගත යුතුය. අදාළ ආයතනයට සහ වගකිව යුත්තන් නීතිය හමුවට ගෙනඑන්න. ඒ පුද්ගල වින්දිතයාගේ පවුලට කඩිනමින් වන්දි ලබාදෙන්න. නැතුව අපිට දියුණු විය නොහැක.
ඉන්දියානු හෝ වෙන ජාතිකයන් ලංකාවේ වැඩට ගෙන්වාගන්නේ කවුද.?