
(කාංචන කුමාර ආරියදාස)
සීගිරිය සහ පිදුරංගල පව්වේ සිට මීටර් හාරසීයක් පමණ දුරකින් පිහිටා ඇති යාන් ඔය දෙපස අධි පරිසර සංවේදී අභයභූමි රක්ෂිතයේ සංචාරක නිකේතන ඉදිකිරීම සඳහා වනය හෙළිපෙහෙළි කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු අත් අඩංගුවට ගත් බව සීගිරිය වන ජීවී නිලධාරීහු පවසති.
මේ දිනවල ඇද හැලෙන වර්ෂාවත් සමඟ ඉතා සූක්ෂම ලෙස කිසි අයෙකුට නොපෙනෙන ආකාරයෙන් මෙම පිරිස කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ කොන්ත්‍රාත් තුවක් මත මෙම පරිසර සංවේදී කලාපය වීනාශ කරමින් සිටින බවට ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් මත පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.
සීගිරිය හරහා මහවැලි ගගට ගලා බසින යාන් ඔය දෙපස මේ ආකාරයෙන්ම ඉපැරණි වැල් සහ ගස් කපා විනාශ කොට තිබෙන බව ගම්වාසීහු පෙන්වා දෙති.
මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් වලදී හෙළි වී ඇත්තේ වනජීවීන් දැඩි ආරක්ෂිත කලාපයට සහ යාන් ඔය රක්ෂිතයට විකුණුම්කරයක් හරහා ඉඩමට ඔප්පුවක් ඔවුන් සතුව ඇති බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය එදාට වඩා දැන් ක්‍රියාත්මක වෙන බවක් පේනවා... ඒ කියන්නේ නීතිය තියනවා. එදා දේශපාලන වටපිටාව අනුව ක්‍රියාත්මක වෙන්නේ නෑ.. එදා ඒ විදියට ක්‍රියාත්මක නොවිච්චි නීතිය දැන් පවතින දේශපාලන ක්‍රමය තුළ ක්‍රියාත්මක වෙනවා. මොකක්ද මෙතැන තියන අඩුපාඩුව? නීතිය ක්‍රියාත්මක කරන නිලධාරියාට රාජකාරිය කිරීමට බලකෙරෙන වටපිටාවක් නෑ දැන් වෙන්න ඕනේ... කවුරු බලයට ආවත් නිලධාරියාට ඒ සඳහා පැහැර හැරීමට නොහැකි ලෙස බලකෙරෙන වටපිටාවක් සකසා ඔහු ඒ සඳහා නීතියෙන් වගකීමට සැලැස්වීමෙන් මොන එකා පාලනයේ හිටියත් නිලධාරීන් බේරීමට නම් ලැබෙන නියෝග බලපෑම් සියල්ල සමග පරීක්ෂණ වාර්තාවකට යටත්ව නීතිය ක්‍රියාවට නැන්වීමට නිලධාරීන් ශක්තිමත් කරන වෙවස්ථාපිත වැඩපිළිවෙළක් සැකසිය යුතුයි...
දේශපාලනය ඇති අනිවාර්යෙන් .නම් ගම් නැත්තේ ඒකයි