
කාම්බෝජයේ මීකොං ගංගාවෙන් හමුවුණු අඩි 13 දිග රාත්තල් 661 ක් බර මිරිදිය මඩුවා, ලොව විශාලතම මත්ස්‍යයා ලෙස ගිනස් වාර්තා අතරට එක් කර ගැනීම ඊයේ (28) සිදුවිය.
මිකොං ගංගාවේ ධීවරයන් කණ්ඩායමකට මෙම යෝධ මඩුවා හමුවූයේ පසුගිය ජූනි 13 වැනිදා උතුරු දිග කාම්බෝජයේ ත්සං ත්‍රෙංග් පළාතෙනි. එම අවස්ථාවේදී එය ලොව ප්‍රධාන පෙළේ පුවතක් බවට ද පත් විය.
ගිනස් කමිටුවේ ද අවධානය මඩුවා වෙත යොමු වුණු අතර ඔවුන් ඊයේ (28) දිනයේ ලොව විශාලතම මිරිදිය මත්ස්‍යා ලෙස මෙම මඩුවා ඔවුන්ගේ වාර්තා අතැට එක් කළේය.
කාම්බෝජ වැසියන් මෙම යෝධ මඩුවා 'බොරාමි' යන නමින් නම් කර ඇති අතර එහි අර්ථය 'පුර සඳ' ය. සත්ව විද්‍යාඥයන් පෙන්වා දී ඇත්තේ 'බොරාමි' දුර්ලභ ගන්නේ මිරිදිය මඩුවකු බවය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd