යුක්රේනය රුසියාවට යටත් වී, රුසියාව විසින් අත්පත් කරගෙන සිටින යුක්රේනයේ නැගෙනහිර පළාත් හතරක බලය සම්පූර්ණයෙන් රුසියාවට ලබා දී, ‘නේටෝ’ සාමාජිකයකු වීමේ සිතුවිල්ල ද සම්පූර්ණයෙන් බැහැර කරන්නේ නම් පමණක් යුක්රේනයට එරෙහිව ගත් හමුදාමය ක්‍රියා මාර්ගය අවසන් කරන බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා ඇත.
රටවල් 90 ක සහ ලෝක සංවිධාන රැසක එකමුතුවෙන් ස්විට්සර්ලන්තයේ රුසියන් යුක්රේන යුද්ධය අවසන් කර සාමය ස්ථාපිත කිරීම සඳහා විශේෂ සාම සමුළුවක් ස්ථාපිත කළ අතර, එම සමුළුවට රුසියන් ජනාධිපති පුටින් මේ බව දැනුම් දී ඇත.
එම ජාත්‍යන්තර සාම සමුළුවට යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහභාගී වූ නමුත්, රුසියානු නියෝජිතයන්ට ඇරැයුම් කර නොතිබුණු බව පැවැසෙයි. සාම සමුළුවට එක් වුණු යුරෝපා බටහිර රටවල් සියල්ල, සාමය වෙනුවෙන්, රුසියන් ජනාධිපති පුටින් ඉදිරිපත් කළ කොන්දේසි ප්‍රතික්ෂේප කළ බව ද පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
යුද්ධය නවත්වන්න පුටින්ගෙන් කොන්දේසි
රංබොඩ Monday, 17 June 2024 11:37 AM
බටහිරයන්ගේ සාම සැළසුම් ! ප්‍රධාන භූමිකාව නැතිව ඔවුන්ට ඕන ඕන ඒවා කරන්න තමයි ඔක්කොම අටව ගන්නෙ. යුද්ධය ඕන ඔවුනටයි. ආයුධ වෙළඳාම ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයක්. ලෝකෙ සමබර වෙනවට ඔවුන් කැමති නෑ.
Lakmal Monday, 17 June 2024 01:55 PM
මේ සමුළුවට බලෙන්වත් යාගන්න බැරිවෙන්න ඇති රනිල් රාජපක්ෂට... පව් වැඩේ... අතේ වියදමින් ගියා නම් බලාගන්න තිබ්බා අර වජිර කෙළ බේරි බේරි කියනවා. මේක නැතිව සමුළුව තියන්නත් බෑ කිව්වා කියලා..පවු වැඩේ මේ පාර..
MD Monday, 17 June 2024 02:17 PM
පුටින් ඔබත් මහින්ද රාජපක්ෂ වගේ බටහිර යුරෝපයට කොන්ද නොනමා ඉස්සරහට ගත්ත ගමන ඵලෙසම තබාගෙන සීරුවෙන් සිටින්න. ඔබට අපගේ උත්තමාචාරය පිළිගන්නෙමු. ජය ශ්‍රී පුටින්...
ව්ලැඩිමීර් පුටින් Monday, 17 June 2024 04:52 PM
මේ හලෝ, මාව මහින්ද රාජපක්ෂ කියන හොරුන්ට සමකරන්න එපා හරිද, මට ඔය නමත් අප්පිරියයි.
Ruwan De Silva Monday, 17 June 2024 05:29 PM
මට මතක් වුනේ LTTE එකේ ප්‍රභාකරන් ඒ හාදයත් ඔහෝම අල්ලාගත්තු උතුර-නැගෙනහිර දෙනවා නම් යුද්ධය නවත්තනවා කිව්වා.. එහෙම කියලා අවුරුදු 10ක් යන්න කලින් සතෙක් වගේ මැරුනේ. ඕක තමයි පුටින්ටත් වෙන්නේ ඉතිහාසයේ ඉඳන්ම ඔය වගේ බල තණ්හාව තියෙන අයට අත්වුණු ඉරණම හරි භයානකයි.
Kumar Monday, 17 June 2024 11:24 PM
වසර දෙකක් සටන් කරල දිනන්න බැරි වුන යුද්ධය. ස්වාධීන රටකින් කොටසක් කොල්ල කන්න බැරිව සාමය ගැන කථාකරනවද? වැඩි කලක් යන්නට කලින් ලංකාව අසල දූපත ඕන කියල තැපැල් පතක් ඉන්දියාවෙන් ලැබුණොත් යුක්රේනය වගේම සටන් කරනවද.