රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමට, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී, තම නියෝජිතයන් සමඟ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීම ගැන රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පැහැදීමෙන් කතා කරයි.
යුක්රේන රුසියන් යුද්ධය සම්බන්ධයෙන් සාකච්ඡා සෞදියේ දී පැවැත්විණි. ඊට ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ ප්‍රමුඛ ඇමෙරිකන් නියෝජිතයන් සහ රුසියන් විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් ප්‍රමුඛ රුසියන් නියෝජිත කණ්ඩායම සහභාගී විය.
යුක්රේන රුසියන් යුද්ධයට අමතරව, රුසියාවත් ඇමෙරිකාවත් අතරේ යහපත් සබඳතා පැවැත්වීම සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්වීම විශේෂත්වයකි.
අවශ්‍ය වුවහොත්, තමන් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවී, රුසියන් යුක්රේන අර්බුදය ගැන සාකච්ඡා පැවැත්වීමට සූදානම් බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අවධාරණය කර ඇත. ජනාධිපති පුටින් මීට පෙර පවසා තිබුණේ තමන් රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් කිසිම අවස්ථාවක සෙලෙන්ස්කී හමුවී සාකච්ඡා නොකරන බවය. කෙසේ නමුත්, මේ වනවිට පුටින් සිය තීරණය වෙනස් කර ඇති බව පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
යුද්ධය නිමා කිරීමට ට්‍රම්ප් මැදිහත්වීම සතුටක් - පුටින්
රට වැසියා Thursday, 20 February 2025 09:21 AM
අයියෝ පුටින් අයියට සිද්ධ වෙච්ච දේ! දිනන්න බැරි යුද්ධයක් පටන් අරන් නා ගත්තා - ට්‍රම්ප් අංකල් අන්තිමේදි වැඩකාරයා වුනා!