(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ පැවතියේ කුමන ආකාරයේ යුද්ධයක්ද යන්න පැහැදිලි කිරීමට සකස් කළ විශේෂ වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බාරදෙන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පැවසීය.

ජිනීවා නුවර පැවැත්වෙන සෑම මානව හිමිකම් සමුළු වාරයකදීම ශ්‍රී ලංකා හමුදාවන් යුද අපරාධ සිදුකළ බවට චෝදනා නඟන බවත්, එයට පිළියමක් ලෙස සහ යුද්ධයේ ඇත්ත තත්ත්වය පෙන්වා දීම අරමුණින් අදාළ වාර්තාව සකස් කළ බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

 සරත් වීරසේකර මහතා මේ බව කීවේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (12) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

පසුගිය වසර 10 ඇතුලත පමණක් පුද්ගලයන් 27,000ක් මාර්ග අනතුරු වලින් මියගොස් තිබෙන අතර තිස් වසරක යුද්ධයෙන් මියගියේ 29,000ක් පමණක් බවද සරත් වීරසේකර මහතා පැවසීය.