පවතින යුදමය වාතාවරණය අවසන් කිරීම සඳහා ඉරානය සාකච්ඡා මාර්ගයට අවතීර්ණ වීමට සූදානම් බව ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් ඉඟි පළ කර ඇත. ඒ, ඇමෙරිකාවට කොන්දේසි තුනක් ද ඉදිරිපත් කරමිණි.

ඉරාන ජනාධිපතිවරයා මෙම කොන්දේසි ඉදිරිපත් කර ඇත්තේ, රුසියන් සහ පාකිස්තාන රාජ්‍ය නායකයන් සමග පැවැත්වූ දුරකථන සාකච්ඡාවලදී යැයි ද පැවැසෙයි.

ඉරානයේ ජාතික අයිතිවාසිකම් සහ ස්වෛරීභාවය සම්පූර්ණයෙන්ම පිළිගැනීම, ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර හේතුවෙන් ඉරානයේ යටිතල පහසුකම්වලට සිදු වූ දැවැන්ත හානිය සහ ආර්ථික පාඩු සඳහා නිසි ලෙස වන්දි ගෙවීම මෙන්ම, අනාගතයේදී මෙවැනි ආක්‍රමණශීලී ප්‍රහාර නැවත සිදු නොවන බවට ශක්තිමත් ජාත්‍යන්තර නීතිමය සහතික ලබා දීම ඉරාන ජනාධිපතිවරයාගේ කොන්දේසි යැයි පැවැසෙයි.