
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා සාගර කලාප මෙන්ම ඉන්දියානු සාගර කලාපය ද ආරක්ෂා කර ගැනීමේ වගකීම ශ්‍රී ලංකා නාවික හමුදාවට පැවරී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඉන්දියන් සාගරය තුළ මෙරට ආර්ථික වැඩසටහන්වලට හානිවීමට ඉඩ නොදෙන බව ද අවධාරණය කළේය.
1967 ඊශ්‍රායල - අරාබි යුද්ධයේදී සුවස් ඇළ වසා දැමීම හේතුවෙන් වසර 10ක් කොළඹ වරායේ මෙහෙයුම් නැවතුණු ආකාරය ද සිහිපත් කළ ජනාධිපතිවරයා මෙරට වරායන්හි ආර්ථික වටිනාකම් ආරක්ෂා කර ගැනීම සඳහා සුවස් ඇළ සහ රතු මුහුදේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව ද පෙන්වා දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝණය සඳහා ජනාධිපති වර්ණ ප්‍රදානය වෙනුවෙන් ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේදී අද (01) පැවති වර්ණ ප්‍රදානෝත්සවය අමතමිනි.
ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර වෙත පැමිණි සේනාධිනායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නාවික හමුදා උත්තමාචාර සහිතව අභිමානවත් අයුරින් පිළිගැනිණි.
ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපයේ ආරක්‍ෂාව තහවුරු කරමින්, දේශයේ සමුද්‍රීය අභිලාෂය සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් කැපවූ ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයට ජනාධිපති වරණ ප්‍රදානය මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරිණි.
නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය හා අනෙකුත් යුද නෞකා මඟින් මහ සයුරේ සිදු කළ විචිත්‍රවත් සංදර්ශනයකින් ද මෙම අවස්ථාව වර්ණවත් විය.
මේ අතර ඩ්‍රෝරා යාත්‍රාවක නැඟ මුහුදේ නැංගුරම්ලා තිබූ ක්‍රියාන්විතයන්ට එක් වූ නෞකා නිරීක්ෂණය කිරීමට ද ජනාධිපතිවරයා එක් වූ අතර යාත්‍රා බලඝණ තොටුපොළේ තිබූ නෞකා ද නිරීක්ෂණය කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට වටකර බැඳ ඇති රන් වැට, හැබැයි කුඩු නම් එනවා කිසිම බාධාවකින් තොරව රට ඇතුළට, පොඩ්ඩක් ඔය වැඩකට නැතිව රවුම් ගහන වෙලේ ඒකත් හොයලා බැලුවොත් නරකද?
ඒ කාලේ නැව් දැකලා නෑනේ... පිටරටවල් වලමනේ උන්නේ... දැන් යුද්ධය නැති නිසා ගිහින් බලාගත්තු එක හොඳයි.
ඔය එක්ක යන ගමන් නැව පොඩ්ඩක් පද්දලා මෙයාව මුහුදට දාලා ආවා නම් මක් වෙනවැයි...