
(එම්. සුසිල් ප්‍රියන්ත)
ශ්‍රී ලංකාවේ දැනට පවතින උග්‍ර කහ හිඟයට විසදුම් සෙවීමේ අරමුණින් පස් වන පොදු සේවා බලකායේ කරන්දෙණිය කඳවුරේ අක්කර දෙකහමාරක කහ වගා කර තිබේ.
කොවිඩ් -19 වෛරසය ශ්‍රී ලංකාව ආක්‍රමණය කිරීමත් සමගම බොහෝ දෙනා විෂ බීජ නාශක දියර සාදා ගැනීමට වැඩි වශයෙන් කහ භාවිතා කිරීම නිසාත්, ඒසමගම කහ ආනයනය තහනම් කිරීමත් නිසාත් ශ්‍රී ලංකාවේ උග්‍ර කහ හිඟයක් ඇතිවිය.
මේ තත්ත්වය යටතේ පවතින කහ හිගය යම්තාක් දුරට මර්ධනය කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාපති ශවේන්ද්‍ර ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි, ශ්‍රී ලංකා යුධ හමුදාවේ කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්ෂක මණ්ඩලයේ අධ්‍යක්ෂක මේජර් ජෙනරාල් ඉන්ද්‍රජිත් කඳනාරච්චි මහතාගේ අධීක්ෂණය යටතේ, ශ්‍රි ලංකා යුද හමුදා පස් වන පොදු සේවා බලකා කරන්දෙණිය කදවුරේ අණදෙන නිලධාරි මේජර් ජයන්ත රාජනායක මහතා විසින් සිය කදවුරේ සෙසු නිලයන්ගේද සහයෝගයෙන් කදවුරු බිමෙහි අක්කර දෙකහමාරක කහ වගාවක් ආරම්භ කරන ලදි.
කුරුදු බෝගයට ප්‍රමුඛස්ථානයක් දී තිබූ කරන්දෙණියට කහ ආධුනික බෝගයක්ව පැවති බැවින් කහ වගාව සඳහා කරන්දෙණියේ භූමියක් සකසා ගැනීම හමුදා නිලධාරීන්ට දැඩි අභියෝගාත්මක කාර්‍ය්‍යයක් විය.
ශ්‍රි ලංකා යුද හමුදා පස් වැනි පොදු සේවා බලකා කරන්දෙණිය කදවුරේ නිලධාරීන් වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ හා කෘෂිකර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහත්වරුන් නිරීක්ෂණය කිරීමට අද (5 ) පැමිණියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමාන්‍යයෙන් ලංකාවේ කහ වගා කරන්නේ පෙබරවාරි - අප්‍රේල් කාලයේ. අස්වැන්න ලබා ගන්නේ දෙසැම්බර් සිට මාර්තු වගේ කාලයේදී.
ඇත්තටම මට මෙ සියලු දේවල් ත්‍රිවිධ හමුදාවට බාරදුන්නා නම් හොදයි. ඒවා ලස්සනට පිළිවෙළකට කරනවා. මැති ඇමැතිවරු ඔනෙම නැතිවෙයි. මන්ත්‍රීලාට ගෙවන වරප්‍රසාද මෙ හමුදා සෙබලුන්ට ගෙවලා දාන්න පුළුවන්නේ. බොරුවට කෝටි ගණන් වාහන වලට වියදම් කරගෙන මිනිස්සුන්ගේ සල්ලි කනවා.
හරිනම් මෙවා කරන්න ඔනෙ කෘෂිකර්ම දෙපාර්තමෙන්තුව. යුද හමුදාව වගා කටයුතු කරනවා යනු... කෘෂිඑක කර්ම දෙපාර්තමෙන්තුව අසමත්, කෘෂිකර්ම දෙපාර්තමෙන්තුවෙ නිලධාරින්ට වැටුප් වශයෙන් විශාල මුදලක් රජයෙන් ගෙවනවා. අද රටෙ පොල් නැහැ, කහ නැහැ, එළවලු එක ප්‍රදේශයක කුණු වෙලා විසි කරනවා. අනික් ප්‍රදේශවල ජනතාව කන්න නැතිව ඉන්නවා. මෙම තත්වයට වගකියන්න ඔනෙ කවුද?
සමාජ සමයං. කවුරු රවට්ටන්නද මේ හදන්නේ?
මේ යන විදියට ගියොත් ඊළඟට හමුදාව ඉස්කෝල වල උගන්වයි, ධීවර රස්සාව කරයි, තේ දලු නෙලයි, කම්කරු රැකියා කරයි, පන්සල් වල බණ කියයි, උසාවි වල නඩු කියයි, නඩු අහයි, ඇඳුම් මහයි, වාහන හදයි, බ්ලා බ්ලා බ්ලා...
කහ ගන්න බැරිව ඉන්න අපිට අඩුතරමෙ මෙහෙමවත් වැඩක් කරන එක වටිනවා. කම්මැලි ජනතාවක් ඉන්න රටක ආහාර බෝග නැතිවීම ස්වභාවිකය.
ටයි දමාගෙන ඉන්න අයවත් පැළ හිටුවන්න ගන්න කල් මෙ රට හදන්න බැහැ.
නීති විරෝධීව ගෙන්වන ලද, එහිදී විටින් විට අත්අඩංගුවට ගන්නා ලද කහ තොග විශාල ප්‍රමාණයක් විනාශ කිරීමට හෝ එම රටවලටම ආපසු යැවීමට ඇති බවට මාධ්‍ය මඟින් පසු ගිය මාස කීපයේ දී පෙන්වා දී තිබුණා. දැනට වගා කර ඇති කහ අස්වැන්න ලැබීමට තව මාස 3-4 වත් ගත වන බැවින්, ඉහත දක්වන ලද කහ තොගය වෙළඳපොළට නිකුත් කිරීමට කටයුතු කරන්නේ නම් ඉතා කාලෝචිතය. එයට නීතිමය ගැටළු පැවතිය ද, විධායක බලතල භාවිත කරමින් මෙවැනි දෙයක් කරන්නේ නම් වඩාත් කාලෝචිතය.
මේ කාලෙ කහ හිටවන්නෙ නෑ. අනික කහ පැල හිටවන්නෙ නෑ. මේවට කොහෙන්ද හිනාවෙන්නෙ කියල කියන්න ලැජ්ජයි. කහ ඉගුරු වගේ අලවර්ග පෙබරවාරි මාර්තු මාසවල හිටවන්නෙ. අල ගලවන්නෙ ජනවාරි මාසෙ.
බලාගෙන ඉන්න අය ගැන ලැජ්ජයි.
හමුදාව කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් වී මිලදීගන්නවා. කහ වැවීම, සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් නිරෝධායන රාජකාරි, පොලිසියට අයත් වාහන හැසිරවීම, මහමාර්ග දෙපාර්තමෙන්තුවට අයත් මාර්ග සෑදීම, ගංවතුර වැනි හදිසි අවස්ථාවලදී සහාය වීම වැනි මෙකී නොකී සියලු වැඩ කරනවා. හදිසියේ රට තුල ත්‍රස්තවාදී ප්‍රහාරයක් හෝ පිටරටක හමුදාවක් අපිව ආක්‍රමණය කළොත් කුමක් සිදුවෙවිද?
තව ටික දවසකින් නන්දසේන දේශපාලකයින්ගේ ළමයි හදන්න හමුදාව දැම්මොත් පුදුම වෙන්න එපා. එයාට හමුදා මානසිකත්වයෙන් ගැලවීමක් නැහැ.
රාජ්‍ය ආයතන 90%ක් අසමත්. ඒ පාප කර්ම හමුදාවට හැමදාම හමුදාවේ කෙනෙක් රාජ්‍ය ආතනයකට ගියොත් ඒ අය ගණන් ගන්නේවත් නෑ. හරියට කෙනෙහිලිකම්...