
(ගයාන් සූරිය ආරච්චි)
ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක් කරමින් යුද හමුදාපති ලුතින් ජනනල් විකුම් ලියනගේ මහතා උහන ගුවන් හමුදා කඳවුරේදී පැරෂුට් පිම්මක් පැන්නේය.
යුද හමුදාපතිවරයකු ගුවන් පැරෂුටයකින් මෙලෙස ගුවන් පිම්මක් පැනීම ඉතිහාසයේ ප්‍රථම වතාවට සිදුවූ බව යුද හමුදාව පවසයි.
උහන ගුවන් හමුදා කඳවුරෙහි පැරෂුට් පතිත කලාපයේදී මාලදිවයින් ජාතික නිලධාරීන් තිදෙනෙකු ඇතුළු සෙබලුන් 15 දෙනකු, යුද හමුදාවේ විනයාරක්ෂාදීපති ඇතුළු කමාන්ඩෝ සෙබලුන් 13 දෙනකු ඇතුළු කණ්ඩායමක් සමග යුද හමුදාපති මෙම ගුවන් පිම්ම පැන්නේය.
ඒ අනුව එදා මෙදා තුර ගුවන ජයගත් අසහාය පැරෂුට් බටයන්ගේ නාමාවලියට යුද හමුදාපතිගේ නාමය ද ඇතුළත් වන බව යුද හමුදාව කියයි.
ඌව කුඩා ඔය කොමාන්ඩෝ පාසලේ පැරෂුට් පුහුණු අංශය තුළ යුද හමුදාපතිවරයා මූලික පුහුණුව ලැබීමෙන් අනතුරුව මෙම නිර්භීත ක්‍රියාව සිදු කළේය.


2025 දෙසැම්බර් මස 18
131
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යුද හමුදාපතිගෙන් ගුවන් කරනමක්
රාලහාමි Wednesday, 24 January 2024 07:19 PM
අන්තිම මොහොතේ පනින්න බැහැ කියලා ඇඬුවාලු, ඒ පාර පිටිපස හිටපු සෙබලෙක් මිනිහාව තල්ලු කළාලු එළියට.. දැන් කියනවා නිර්භීත පිම්ම පැන්නා කියලා. අර තල්ලු කරපු මිනිහාටයි, වීරයා පදක්කම දෙන්න ඕනෑ ..