( තිළිණි ද සිල්වා )
ශ්‍රී ලංකාවේ යුද හමුදාපතිවරයා පත්කිරීම රාජ්‍ය නායකයාගේ ස්වෛරී තීරණයක් යැයි විදේශ කටයුතු අමාත්‍යාංශය අද (20) නිවේදනයක් නිකුත් නිකුත් කරමින් කියා සිටී.
එසේම මෙම පත්කිරීම සම්බන්ධයෙන් විදේශීය පාර්ශ්වයන් මඟින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ උසස්කිරීම් පිළිබඳ තීරණ හා අභ්‍යන්තරික පරිපාලනමය ක්‍රියාවලීන්ට බලපෑම් කිරීමට උත්සාහ දැරීම යුක්ති සහගත නොවන සේම, එය පිළිගත නොහැකි ක්‍රියාවක් යැයි ද විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
ශ්‍රී ලංකා යුද හමුදාපති ධූරයට ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කිරීම ගැන පළවූ විවිධ පාර්ශවයන් හි අදහස් දැක්වීම් සැළකිල්ලට ගනිමින් විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටී.
එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.
‘‘ශ්‍රී ලංකාවේ යුද හමුදාපති පත්කිරීම රාජ්‍ය නායකයාගේ ස්වෛරී තීරණයකි. විදේශීය පාර්ශ්වයන් මඟින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ උසස් කිරීම් පිළිබඳ තීරණ හා අභ්‍යන්තරික පරිපාලනමය ක්‍රියාවලීන්ට බලපෑම් කිරීමට උත්සාහ දැරීම යුක්ති සහගත නොවන අතර, එය පිළිගත නොහැකි ක්‍රියාවකි.
‘‘චෝදනා මත පදනම්ව, ඇතැම් ද්විපාර්ශ්වික හවුල්කරුවන් සහ ජාත්‍යන්තර සංවිධාන විසින් මෙම පත්කිරීම සැළකිලිමත් විය යුතු තත්ත්වයක් ලෙස පෙන්වා දෙනු ලැබීම කණගාටුවට කරුණක් වන අතර, එය ජාත්‍යන්තර ප්‍රජාවේ සියලූම වගකිව යුතු සාමාජිකයින් විසින් අනුගමනය කරනු ලබන ස්වාභාවික යුක්තියේ මූලධර්මවලට පටහැනි වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇති යාන්තම්
ප්‍රමාද වී හරි මෙහෙම සටහනක් කිරීම ගැන සතුටුයි. ඒවාගේම මේ ලිපිය සියලුම තානාපති කාර්යාල වෙත යැව්වද කියලා නම් මට ප්‍රශ්නයක් තියෙනවා.
හරියට හරි.
නියමයි
කෙළින් තීරණ ගත හැකි අභීත නායකයෙක් ජනවාරි වෙනකොට පාලනය අතට ගන්නවා. බය වෙන්න කාරි නැහැ.
ඔහොමවත් කොන්දක් තිබ්බ එක ගැන සතුටු වෙනවා... ඔහොමනෙ වැඩ කරන්න ඕන ... සන්තෝස වෙන්න ඕන කාරණයක්...
එක වල්ලේ පොල්
ඉතාම නිවැරදි සෘජු ගත යුතු තීරණයක්. ඉදිරියට ඒන රජය කුමක් වුවත් මෙවැනි ප්‍රතිපත්ති අඛණ්ඩව පවත්වා ගැනීමට සිතා ගත යුතුයි.
අනිවාර්යෙන්ම.... හරි දෙය කරන්න මැලි වෙන්න ඕනි නැහැ... අපි තවත් යටත් විජිතයින් නොවෙයි.... බටහිර රටවලට වත්, ඇමෙරිකාවටවත් ඕනි විදියට වැඩ කරන්න ඕනි නැහැ.... ශ්‍රී ලාංකිකයන් විදියට ස්වාධීනව නැගී සිටිමු...
අපේ මිනිස්සුත් පිට රටට බනිනකොට කෑ ගහන්නේ හරියට රටේ මිනිස්සු රට ගැන හිතනවා වගේ. ඊයේ ඇමෙරිකාවට බැනපු විමල්ම නේද අපේ සල්ලිවලින් හදපු ගෙවල් තමන්ගේ මිනිස්සුන්ට දුන්නේ? ශවේන්ද්‍ර ගේත් වැරදි ගොඩක් තියෙනවනේ. චරිතෙත් එච්චර හොඳ කෙනෙක් නෙමෙයි. අනිත් එක වෙන සුදුසු කෙනෙක් නැතුව නෙමෙයිනේ, මේවා දේශපාලන පත්කිරීම්. මේ පත්කිරීම් චන්දෙට.