
(ගයාන් සූරියආරච්චි සහ ඉන්දිකා රාමනායක)
නව ගිනස් වාර්තාවක් තබමින් යුද හමුදා රෝහලේ වෛද්‍යවරුන් පිරිසක් ලොව විශාලතම සහ බරම වකුගඩු ගල ශල්‍ය කර්මයකින් ඉවත් කළහ.
යුදහමුදා රෝහලේ ජන්‍ය මුහුත්‍ර ලිංගික ඒකකයේ ප්‍රධානී මෞත්‍රික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලුතිතන් කර්නල් කේ.සුතාර්ෂන් කපිතාන් වෛද්‍ය ඩබ්ලිව්.පී.එස්.සී පතිරත්න ඇතුළු වෛද්‍යවරු පිරිසක් මෙම ශළ්‍ය කර්මයට එක් වූහ.
නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් ලෙස කර්නල් යු.ඒ.එල්.ඩී. පෙරේරා, සහ කර්නල් සි.එස්. අබේසිංහ යන මහත්වරු සහාය ලබාදුන්හ.
වකුගඩුවෙන් ඉවත් කළ මෙම ගලෙහි දිග සෙන්ටි මීටර් 13.372කි. එහි බර ග්‍රෑම් 801කි. දැනට ගිනස් වාර්තාවට අනුව දිගින්වැඩිම කළ 2004 දී ඉන්දියාවේ රෝහලකදී ශල්‍ය කර්මයකින් ඉවත් කර ඇති අතර බරින් වැඩිම ගල ග්‍රෑම් 620ක වූ ගලක් 2008දී පාකිස්තානයේ ඉවත් කර ඇත.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ගල ඔහොම අල්ලන්න හොඳයිද? ඒකත් අර ලොකුම මැණික්ගල වගේද දන්නේ නැහැ.
වකුගඩුවේ මෙතරම් විසාල ගලක් නිෂ්පාදනය කරපු පුද්ගලයාත් ගිනස් පොතට යායුතුයි කියා සිතෙන්නේ මට විතරද?
අපිට ලොකු ආඩම්බරයක් දැනෙනවා අපේ රණවිරු සුව විරුවෝ ගැන.අපේ උත්තමාචාරය
හරිනම් ගිනස් පොතට යන්න ඔනි රෝගියවයි. මෙච්චර ලොකු ගලක් තියන් හිටියට. අනික ගලක් මෙච්චර ලොකු වෙනකන් මෙක අහු උනේ නැද්ද? කිකිළියෙක් ලොකු බිත්තරයක් දැම්මම වාර්තාවට යන්නෙ බිත්තරේ ඇහින්ද කෙනා නෙවේනෙ. ළොකු මැනිකක් හම්බු උනාම පතල හාරපු කෙනා නෙවේ