(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය පොල්හේන්ගොඩ කදවුරේ ටි 56 ගිනි අවියකට අයත් උණ්ඩ 30 ක් පුරවන ලද මැගසිනයක් අස්ථානගතව ඇති බවට කිරුළපන පොලිසිය වෙත පැමිණිල්ලක් ලැබී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
ඉකුත් 4 වෙනි දින සහ 7 වෙනි දිනයන් අතරතුරදී මෙය අස්ථානගතව ඇති බවට අණ දෙන නිලධාරීවරයකු ලෙස කටයුතු කරන මේජර්වරයෙකු පැමිණිලි කර ඇත.
කඳවුරේ මුරකුටි සඳහා එක් නිලධාරියකු වෙත ටී 56 ගිනි අවියක් ,උන්ඩ 120 ක් අඩංගු මැගසින් 4 ක් මෙන්ම පුචස් 1 ලබාදීම සිදුකරන බවත් ඉකුත් දින කීපය තුළ එයාකාරයෙන් නිලධාරීන් වෙත ලබා දී ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd