(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
හමුදාවෙන් පලා ගිය සෙබලෙකු ලෙස තිරප්පනේ පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සෙබලෙකුගේ නිල ඇඳුම් කට්ටල තොගයක් ඇතුළු ආයිත්තම් තොගයක් පනාගොඩ යුද හමුදා කඳවුරෙන් හොර රහසේ පිටමංකර දකුණු පළාතට රැගෙන යමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් මාළිගාවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මාලිගාවත්ත පොලිසිය කියයි.
එම සැකකරුවන් දෙදෙනා සමග යුද හමුදා කැලෑ නිල ඇඳුම්වලට සමාන රෙදි වලින් මසා නිමකළ විශාල ගමන් මලු දෙකක බහා තිබූ යුද හමුදා ඇඳුම්,බුදුදහමුදා කැලෑ ඇඳුම් එම කොටස් හා ආයිත්තම් තොගයක් පොලිස් භාරයට ගෙන ඇත.
යුක්තියේ මෙහෙයුමට සමගාමීව අපරාධ නිවාරණ රාජකාරීයේ නිරතව සංචාරය කරමින් සිටියදී බේස්ලයින් මාවත අලුත් බෝධිරාජා හන්දිය ප්‍රදේශයේදී යුද හමුදා කැලෑ නිල ඇඳුම්වලට සමාන රෙදි වලින් මසා නිම කළ විශාල ගමන් මලු දෙකක් කරමතින් එල්ලා ගත් පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් නිලධාරීන් දැක කලබලයට පත්ව මගහැර යාමට උත්සාහ දරන අයුරු පොලිස් නිලධාරීන්ගේ නෙත ගැටී ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd