(ප්‍රියානි මංගලිකා )
සංගීත සංදර්ශනයක් නරඹා ආපසු එමින් සිටි එකම පවුලේ සොයුරන් දෙදෙනෙකු ගමන් ගත් යතුරුපැදිය පාරෙන් ඉවතට පැන ගසක හැපීමෙන් අද (13 ) සිදුවූ අනතුරින් බාල සොහොයුරා (21) මරණයට පත්ව වැඩිමල් සොහොයුරා (23) තුවාල ලබා නිකවැරටිය රෝහලට ඇතුළත් කර ඇති බව කොටවෙහෙර පොලීසිය පවසයි.
කොටවෙහෙර දිගන්නෑව ප්‍රදේශයේදී යතුරුපැදිය අනතුරට ලක්ව තිබේ.
මීවැල්ලෑව පාලුඋස්වැව ප්‍රදේශයේ පදිංචි පී.කේ.නිමේස් සංසල ප්‍රනාන්දු බාල සොහොයුරා (21) මියගොස් ඇති අතර පී.කේ. ශාමික රවිශාන් ප්‍රනාන්දු (23) නම් වැඩිමල් සොහොයුරා තුවාල ලබා නිකවැරටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවද පොලීසිය සඳහන් කරයි .
මියගිය තරුණයා ගේ සිරුර පිළිබඳව වූ හදිසි මරණ පරීක්ෂණය ,අධිකරණ නියෝග මත නිකවැරටිය මූලික රෝහලේදී ,අද(13 ) ,නිකවැරටිය හදිසි මරණ පරීක්ෂක රංජිත් ධර්මසිරි මහතා ඉදිරියේ සිදු කිරීමට නියමිතව තිබුණි.
කොටවෙහෙර පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ සිදු කරයි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
යතුරුපැදියෙන් මරුවා එයි