(ඉන්දිකා රාමනායක)
රුපියල් 5000 නෝට්ටු සහ, රුපියල් 500 ව්‍යාජ නෝට්ටු 277 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි සරසවි සිසුවකු ඇතුළු දෙදෙනෙකු අලිමංකඩ පොලිස් මාර්ග බාධයේ දී අද (4) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පලෙයි පොලිසිය කියයි.
සැකකරුවන් දෙදෙනා සතුව රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු වූ 250 ක් සහ රුපියල් 500 ව්‍යාජ නේට්ටු 27 ක් සොයාගත් බව පොලිසිය කියයි.
යාපනයේ සිට කිළිනොච්චි දෙසට වේගයෙන් ගමන් ගත් යතුරු පැදියක් පොලිස් නිලධාරීන් විසින් අද පස්වරුවේ සැකපිට නවතා පරික්ෂා කිරීමේදී එහි සිටි සැකකරුවන් දෙදෙනා සතුව තිබී මෙම ව්‍යාජ මුදල් නෝට්ටු තොගය සොයා ගත් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු පුදුකුඩුඉරිප්පු දේශීය පදිංචි (24) සරසවි සිසුවෙක් බවත්, සෙසු සැකකරු මිරුසුවිල් ප්‍රදේශය පදිංචි (26) තරුණයෙකු බවත් පොලිසිය පවසයි,
මොවුන් ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරමේ නිරත වන දෙදෙනෙකු බවත්, මේවා යාපනයේ සිට ජාවාරම සඳහා රැගෙන යන්නට ඇති බවට පොලීසිය සැකකරයි.
සැකකරුවන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
යතුරුපැදියකින් හොර සල්ලි ඇද්ද සරසවි සිසුවා ඇතුළු දෙදෙනෙක් දැලේ
Prase Thursday, 04 May 2023 11:52 PM
රට හදන්න අන්තර දරුවන්, රට ගොඩගන්න උපරිම උත්සාහය...