(ඉන්දිකා රාමනායක)
රුපියල් 5000 නෝට්ටු සහ, රුපියල් 500 ව්‍යාජ නෝට්ටු 277 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි සරසවි සිසුවකු ඇතුළු දෙදෙනෙකු අලිමංකඩ පොලිස් මාර්ග බාධයේ දී අද (4) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පලෙයි පොලිසිය කියයි.
සැකකරුවන් දෙදෙනා සතුව රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු වූ 250 ක් සහ රුපියල් 500 ව්‍යාජ නේට්ටු 27 ක් සොයාගත් බව පොලිසිය කියයි.
යාපනයේ සිට කිළිනොච්චි දෙසට වේගයෙන් ගමන් ගත් යතුරු පැදියක් පොලිස් නිලධාරීන් විසින් අද පස්වරුවේ සැකපිට නවතා පරික්ෂා කිරීමේදී එහි සිටි සැකකරුවන් දෙදෙනා සතුව තිබී මෙම ව්‍යාජ මුදල් නෝට්ටු තොගය සොයා ගත් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු පුදුකුඩුඉරිප්පු දේශීය පදිංචි (24) සරසවි සිසුවෙක් බවත්, සෙසු සැකකරු මිරුසුවිල් ප්‍රදේශය පදිංචි (26) තරුණයෙකු බවත් පොලිසිය පවසයි,
මොවුන් ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරමේ නිරත වන දෙදෙනෙකු බවත්, මේවා යාපනයේ සිට ජාවාරම සඳහා රැගෙන යන්නට ඇති බවට පොලීසිය සැකකරයි.
සැකකරුවන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට හදන්න අන්තර දරුවන්, රට ගොඩගන්න උපරිම උත්සාහය...