(සුමිත් පොතුපිටිය)
පෞද්ගලික උපකාරක පංතියක සිටී දරුවා කැටුව ඒමට යතුරුපැදියකින් යමින් සිටී කාන්තාවකගේ ගෙලබැදි පෙන්ඩනය සහිත රන්මාලය අද පස්වරුවේ කොක්ලකා පලාගිය සැකකරුවන් සොයා පරීක්ෂණ ආරම්භ කල බව පින්වත්ත පොලිසිය පවසයි .
වාද්දුව තිස්ස පාරේ පදිංචි 44 හැව්රිදි කතක් විසින් කල පැමිණිල්ලක් අනුව මෙසේ පරීක්ෂණ ආරම්භ කර තිබේ.
පැමිණිලිකාරිය පානදුර දිබ්බැද්ද මාර්ගයේ ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් යමින් සිටියදී පසුපස යතුරුපැදියකින් ලුහුබැඳ පැමිණි දෙදෙනෙකු දිබ්බැද්ද පාසල ආසන්නයේ දී මග හරස්කොට ගෙලබැදි පෙන්ඩනය සහිත රන්මාලය කොල්ලකාලා පලාගොස් ඇති බවට පැමිණිල්ලේ සටහන්ව ඇති බව පොලිසිය කීය.
රන්මාල කොල්ලකන අවස්ථාවේ පැමිණිලිකාරිය බිම ඇදවටී දකුණ පාදයට සහ කොල්ලකරුවන් රන්මාලය කඩාගැනීමේදී ගෙල ප්‍රදේශයට සීරීම් තුවාල සිදුව ඇති බවත් පොලිසිය කීය.
ප්‍රදේශයේ ආරක්ෂක කැමරා දර්ශණ උපයෝගී කරගනිමින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ක්‍රියාකරන බව පොලිසිය කීය.
පානදුර ජේෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ සහ සහකාර පොලිස් අධිකාරී කමල් ජයනෙත්ති යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පත්ම නන්දන මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශ නිළධාරීන් පරීක්ෂණ පවත්වති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජෙප්පෝ තමයි.
ගැටළුව ඇත්තේ මංකොල්ල කාරයින්ගේ නොවේ. රත්රන් මාල ඇගලා ගෙන ප්‍රසිද්ධ ස්ථානවල ගමන් කරන්නේ ඇයිද යන්නයි. ළඳුනේ දැන්වත් මාල වළලු ප්‍රදර්ශනය කිරීමෙන් වළකින්න. පොලිස් නිලධාරීන් මහජනතාව දැනුවත් කිරීමට කටයුතු කටයුතු කළ යුතුයි. මේ කිසිම අවවාදයක් පිළි නොගන්නේ නම් පළමුව කරාටේ වැනි ජීවිතාරක්ෂක සටන් ක්‍රම පුහුණු වී රත්රන් වළලු මාල, වළලු පැළඳ ගමන් බිමන් යෑමට... ළඳුනේ දැනුවත් වන්න...!
බමුනො, ජෙප්පො විතරක් නෙවෙයි,තමුන්ගෙ තාත්තට උනත් මංකොල්ලකෑම් කරන්න වෙනව ,බමුණල බිහිකරපු රටේ,
ජෙප්පන්ගේ වැඩක්...
ජෙප්පන් කියන කට්ටියත් එක්ක සෑහෙන්ට තරහා කාරයො පිරිසක් ඉන්නව වගේ. මෙවැනි අදහස් මම කිහිප වරක් දැකල තියෙනව. හැබෑටම කවුද මෙ ජෙප්පන් කියන්නෙ ?
ජෙප්පන්ගේ වැඩක්...