IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


යතුරුපැදිය ගවයකුගේ ඇඟේ හැපී වෙළෙද සංගම් සභාපති මරුට

(බී.ජී. චතුරංග) 

මිහින්තලය එක්සත් වෙළෙඳ සංගමයේ සභාපතිවරයා ඒ 9 මාර්ගයේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී යතුරුපැදිය ගවයකුගේ ඇගේ ගැටීමෙන් සිදු වූ අනතුරකින් අද (8) ජීවිතක්ෂයට පත්ව ඇති බව මිහින්තලේ පොලිසිය පවසයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ , මිහින්තලේ  නගර මධ්‍යයේ "ලාභ කඩය" නමින් වෙළඳ සැලක් පවත්වා ගෙන යමින්, ජනතාවට භාණ්ඩ සහන මිලට අලවි කළ, මරදන්කුලම, පුවරසන්කුලම, ශ්‍රමදාන මාවතේ පදිංචිව සිටි ප්‍රසන්න නානායක්කාර නැමැති 69 හැවිරිදි තිදරු පියෙකි.

ජීවිතක්ෂයට පත්වූ   ප්‍රසන්න මහතා ප්‍රදේශයේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු මෙන්ම  සමාජ සේවකයෙකි. මුළු දිවයිනටම සාම විනිශ්චයකාරවරයෙකු වූ ඒ මහතා ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා, සමගි ජන බලවේගය පක්ෂයෙන් මිහින්තලේ ප්‍රාදේශීය සභාවට තරඟ කිරීමට නාම යෝජනා දීමට නාම යෝජනා භාර දී තිබූ අයෙකි.

පසුගිය 5 දා තම පුතු සමඟ යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති අතර  අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (8දා ) අළුයම  ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඒ 9 මාර්ගයේ මිහින්තලේ ඇඟලුම් කම්හල, අසල සහ මරදන්කුලම  ප්‍රදේශයේ දී අයාලේ යන ගවයන්ගෙ ගැටී ජීවිතක්ෂයට පත්වූ  පස්වැනි පුද්ගල මරණය මෙය බවත්,  රාත්‍රී සහ දහවල් කාලයේ මාර්ගය පුරා සැරි සරන අයාලේ යන ගවයන්  සම්බන්ධයෙන් මිහින්තලේ පොලිසිය හෝ ප්‍රාදේශීය සභාව කිසිදු  ක්‍රියා මාර්ගයක් නොගන්නා බව  මිහින්තලය නගරයේ  පදිංචි  පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ඩී. ඒ.සෝමරත්න මහතා මාධ්‍ය වෙත පැවසීය.



අදහස් (5)

යතුරුපැදිය ගවයකුගේ ඇඟේ හැපී වෙළෙද සංගම් සභාපති මරුට

Chaminda Monday, 08 May 2023 02:04 PM

අයාලේ යන නොවෙයි, යවන්න කියා වෙනස් කළොත් හොඳයි... මොකද ඒ සතුන්ට හිමිකම් කියන්න අය ඉන්නවා... එහෙම සතුන් අයාලේ යවන අයට දඬුවම් දෙන්න ක්‍රමයක් හදන්න බැරිද? ක්‍රමයක් තිබේ නම් අදාල නීතිය ක්‍රියාත්මක නොකරන අයට දඬුවම් දෙන්න බැරිද?

:       0       18

fairoosMonday, 08 May 2023 04:32 PM

දඬුවම් දෙන්න පුළුවන් වෙන රටක් නම්... ලංකාවේ එහෙම බැහැ.

:       0       5

Bunny Preena Monday, 08 May 2023 03:44 PM

මැරුනු මිනිසුන්ගෙ පවුලෙ අයගෙ ශාපයෙන් ඔය හරක් නිදැල්ලෙ යවන පුඩ්ගලයින්ට ගෙලවෙන්ට හම්බ වෙන්නෙ නැහැ.

:       0       6

kapila Monday, 08 May 2023 04:39 PM

මස් කඩ මුදලාලි කෙනෙක් ඔය පාරේ ගියා නම් හරි.

:       2       3

Douglas Tisseverasinghe Monday, 08 May 2023 06:08 PM

එහෙම සතුන් අයාලේ යවන අයට දඬුවම් දෙන්න ක්‍රමයක් හදන්න බැරිද?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 509 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1057 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site