
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මුහුණු පොත හරහා සංවිධානය වී හොරණ කොළඹ මාර්ගයේ කුඹුක ප්‍රදේශයේ තරඟයට යතුරුපැදි ධාවනය කළ තරුණයන් අට දෙනකු අත්අඩංගුවට ගත් බව මොරගහහෙන පොලිසිය කියයි.
එම තරුණයන් කුබුක සිට ගෝනපල දක්වා අපරික්ෂාකාරී ලෙස ඝෝෂාකාරී අන්දමින් යතුරුපැදි ධාවනය කරන බවට මොරගහහේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත වික්‍රමරත්න මහතාට ලද තොරතුරක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
එම යතුරු පැදි විවිධ අංගෝපාංග එකතු කර ඉදිරිපස රෝදය ඉස්සිය හැකි ආකාරයෙන් සකස් කර තිබූ බවත් පැති කණ්නාඩි ද එහා මෙහා කැරකිය හැකි ආකාරයෙන් සකස් කර තිබූ බවත් පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් කළුතර මොරන්තුඩුව හොරණ ආදී ප්‍රදේශ වල ප්‍රදේශවල පදිංචිකරුවන්ය
2025 දෙසැම්බර් මස 18
388
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
226
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යතුරුපැදි රේස් ගිය 8ක් අල්ලයි
චන්දිම ෆොන්සේකා Sunday, 13 August 2023 12:38 PM
මේකත් එක වසංගතයක්. මේ සමහර තරුණයන් හැසිරෙන්නේ මේ රටේ කිසිම පාරේ නීතියක් නොදන්නා හෝ නොතකන මහා අමුතු ජීවීන් පිරිසක් විදියට. හිටිහැටියේ මහා හෙනහඬක් නගමින් යතුරුපැදි රේස් කරමින් මිනිසුන්ව තැති ගස්වමින් යන එක ඔවුන් හිතන්නේ මහා දක්ෂකමක් විදියට. සවසට, රාත්‍රියට මාතර වෙරළ පාරෙත් ඔවැනි කල්ලියක් හරියට ධාවන පථයක යන ආකාරයට මහා හඬ නගමින් වෙඩි උණ්ඩ වගේ වේගෙන් යතුරුපැදි පදිනවා. ඒ නිසා මොවුන්ට අධිකරණයෙන් පාඩම් උගන්වා මේ සියලු යතුරු පැදි රාජසන්තක කළයුතුයි.
Asanka Monday, 14 August 2023 01:18 AM
මේ තමයි ලංකාවේ දැනටමත් මිනී කිහිපයක්ම මරාගත්තු තවත් භයානකම රැල්ල..මේ කාලයේ රෝහල්වල බෙහෙත් නැහැ. හදිසි ඒකක වැඩ නැහැ. ඒ අතරේ මොවුන් පාරේ යන අහිංසකයින් හප්පලා මරනවා. ඇගේ උණක් තිබේ නම් ක්‍රීඩා සමාජයකට බැඳිලා පිට්ටනියක පැදපියව්...
Perera Monday, 14 August 2023 07:19 AM
මේ අයට මව්නි දේවල් කිරීමට සුදුසු ධාවන පත හදන්න ඕන.කොහේ කරන්නද ඉතින්.රට බංකොලොත් නේ