
(සුමිත් පොතුපිටිය)
සිය මවගේ රුධිර සාම්පල් වාර්තාවක් රැගෙන පදික මාරුවෙන් ගමන් කරමින් සිටි 36 හැව්රිදි එක්දරු මවක යතුරුපැදියක ගැටී මියගොස් , යතුරුපැදිකරු තුවාල ලබා ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .
මෙසේ මියගොස් ඇත්තේ බේරුවල මග්ගොන ප්‍රදේශයේ පදිංචි සිටී 36 හැව්රිදි මිහිරි ජානකී නමැති එක්දරු මවක බව පොලිසිය කීය.
යතුරුපැදිකරු පොලිස් භාරයේ කළුතර ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.
යතුරුපැදිකරු බේරුවල දෙස සිට කළුතර දෙසට ගමන්කර ඇති අතර මියගොස් ඇති කාන්තාවක ගොඩබිම දෙස සිට මුහුදුබඩ දෙසට පාර මාරුවීමේදී අනතුර සිදුව ඇති බව පොලිසිය කිය.
යතුරුපැදියේ ගැටුන කාන්තාවක මීටර් 24.8 ක් යතුරුපැදිය සමග ඉදිරියට ඇදීගොස් ගොස් යකඩ වැටේ වැදී නතර වී ඇති බවත්, යතුරුපැදිය මීටර් 60 ක් පමණ දුරකට ඇදීගොස් ඇති බවත් පොලිසිය කීය.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යතුරුපැදි මාරයා එක්දරු මව බිලි ගනි
අබිලින් Tuesday, 24 October 2023 09:15 AM
යතුරු පැදි මාරයා ෆෝන් එක හෙල්මටය අස්සේ රිංගලා කතාවක් කරන්න ඇති... කොහොම වුණත් අසරණ කාන්තාවට සිදුවූ හානිය සම්බන්ධයෙන් කිසිවක් ලැබෙන්නේ නැහැ.. පාඩුව පියවන්න බැහැ.. ඒත් කලුබණ්ඩා හරි කලුමැණිකේ කෙනෙක් යතුරු පැදිකරු බේරාගනීවි සිරකරුවන් ශුභ සාධනය ගැන කියන්න කවුරු හිටියත් වින්දිතයින්ට සෙතක් කරන්න කෙනෙක් නැහැ නේද?