(බිමල් ෂ්‍යාමන් ජයසිංහ )
 
මුහුණු පොත හරහා සංවිධානය කර පිළියන්දල කැස්බෑව විකල්ප මාර්ගයේ යතුරු පැදි තරගයක් පැවැත්වූ තරුණයන් 39 දෙනෙක් සහ යතුරු පැදි 27 ක් අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි .
 

 පොලිස් හදිසි ඇමතුම් අංශයේ 119 දුරකථන අංකයට ලද තොරතුරක් අනුව පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත් , පරිපාලන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කමල් කොඩිතුවක්කු මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් නිලධාරීන් 20 දෙනෙකුගෙන් පමණි.
 
 සමන්විත පොලිස් කණ්ඩායම් තුනක් වැටලීම සිදු කර මෙම සැකකාර තරුණයන් පිරිස අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරීයෙක් පැවසීය .