
(කේ බුද්ධික කුමාරසිරි,බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශාන්ත ප්‍රදිප් කුමාර)
පාදුක්ක ඉංගිරිය මාර්ගයේ ශ්‍රි විජය බෝධිරාජ බෞද්ධ මධ්‍යස්ථානය අසල පාලම මතදී ලොරි රථයක් යතුරැ පැදියක ගැටීමෙන් අද (17) දින සවස සිදු වූ අනතුරින් යතුරු පැදියෙහි ගමන් ගත් පොලිස් සැරයන්වරයකු මියගොස් ඇතැයි ඉංගිරිය පොලිසිය පවසයි.
මියගිය පොලිස් නිළධාරියා නිල ඇදුමින්ම යතුරු පැදියෙන් මිරිහාන සිට ඉංගිරිය දෙසට යමින් සිටියදී පිටුපසින් පැමිණි ලොරි රථය යතුරු පැදිය හප්පා පලා ගොස් ඇති අතර එහිදී බරපතල තුවාල ලැබූ පොලිස් නිළධාරියා ඉංගිරිය ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි ද පොලිසිය පවසයි.
මිරිහාන නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ පැවැති වැඩසටහනකින් අනතුරුව මාස කිහිපයකට පෙර උපන් දරුවාට අසනීප බවට ලද තොරතුරක් මත සිය බිරිදගේ නිවස පිහිටි කලවාන දක්වා යාමට යන අතරතුර මෙම අනතුර සිදුව ඇතැයි ද පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
367
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
222
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1011
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යතුරුපැදි අනතුරින් සැරයන් මරුට
නිමල් Friday, 18 August 2023 04:03 AM
ශෝචනීය පුවතක්
Bunny Preena Friday, 18 August 2023 10:39 AM
බොහොම කනගාටුදායක පුවතක්.හැප්පුවා මදිවට රියදුරා පැනලත් ගිහිලා .කිසිම මනුස්සකමක් තියෙන එකෙක් නෙමෙයි.අල්ලා ගත්තානම් හොඳට සබ්බුව දෙන්නයි තියෙන්නේ මේවගේ එවුන්ට .මියගිය පොලිස් සරයන්ට නිවන් සුව පතමි