(චන්ද්‍රසේන ගමගේ)
කටුවන රුක්මල්පිටිය ප්‍රදේශයේදී යතුරුපැදියක් අනතුරට ලක්වීමෙන් පිය පුතු දෙදෙනකු මිය ගිය බව කටුවන පොලීසිය පවසයි.
අනතුරෙන් මිය ගොස් ඇත්තේ දික්වැල්ල පොලීසියට අනුයක්තුව සේවය කරනු ලැබූ 27 වැනි වියේ පසු වූ විජයමුණිගේ ක්‍රිෂාන් ජයලත් හා ඔහු ගේ පියා වන 61 වැනි වියේ පසු වූ විජයමුනිගේ ධර්මසේන යන අයයි. මිය ගිය පිය පුතු දෙදෙනා වීරකැටිය අබකොළවැව ප්‍රදේශයේ පදිංචි කරුවන්ය.
අබකොළවැවේ සිට ඌරුබොක්ක ප්‍රදේශයට ගොස් නැවත පැමිණෙමින් සිටියදී මෙම අනතුරට මුහුණ දි තිබේ. පොලීසිය පවසන්නේ ඔවුන් දෙදෙනා පැමිණි යතුරු පැදියේ තිරිංග වල දෝෂයක් ඇති වීමෙන් මාර්ගයේ අසල තිබූ ගසක වැදීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට සැක කෙරෙන බවයි.
අනතුරෙන් තුවාල ලැබූවන් කටුවන හා ඇඹිලිපිටිය රෝහල් වලට ඇතුළත් කළද ඔවුන් මිය ගොස් තිබුණු බව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මනාලයා මගුල් සදහා නැකැත් ගෙනගොස් දී ආපසු යද්දී සිද්දිය වුනා කියලා පුවතක් අහන්න ලැබුනා. බලන්න වීරකැටිය සිට ඉතාමත් දුරින් පිහිටි ඌරුබොක්ක ප්‍රදේශයට ගොස් තියෙනවා. ගියපු වාහනය මොකක්ද කියලා බලන්න .එහෙම දුෂ්කර මාර්ගයක යාමට එම වාහනය කෙසේවත් සුදුසු නැහැ .දෙවැන්න මගුල් නැකැත් හැදුව අය නියම නැකතක් හදල තියෙන්නෙ. නැකැත් ගෙනයාමට නැකතක් තියෙන්න ඇති .ඔහු දැක්කෙ නැද්ද මෙම පුද්ගලයා ක්ෂනික මරණයකට ලක්වෙන කෙනෙක් කියලා .කොහොමද නැකතේ වටිනාකම අගෙයි නේද ? තෙවැන්න මෙම තරුණයා දික්වැල්ල පොලිසියේ පොලිස් කොස්තාපල් කෙනෙක් .ජනතාව ආරක්ෂාකිරීමට සිටින කෙනෙක් ඉතාමත් විමසිල්ලෙන් කටයුතු කරන්න ඕන. කොපමණ දුරක් යනවිට යතුරු පැදියක් වුනත් අවම වශයෙන් සේවා කිරීමක්වත් කරන්න ඕන නේද .එහෙම කලානම් ඕක නොවෙන්න තිබුනා කියලා හිතෙනවා