
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මරදගහමුල බඩල්ගම මාර්ගයේ තම්මිට පුස්තකාලය ආසන්නයේදී සිදුවූ අනතුරකින් දෙදෙනකු මරණයට පත්ව එක් අයකු තුවා ලබා ඇතැයි බඩල්ගම පොලිසිය කියයි .
යතුරුපැදියක් වෑන් රියක ගැටීමෙන් සිදු වූ අනතුරින් මියගොස් කෙහෙල්ඇල්ලේ පදිංචිකරුවකු වූ පී. ඒ. අසිත රංගන (37) විදුලි කාර්මිකයකු වූ එක් දරු පියකු සහ තම්මිට පදිංචි දෙදරු පියකු වන චින්තක පුෂ්පකුමාර 38 නැමැති ව්‍යාපාරිකයෙකි.
අනතුරු සිදුවන අවස්ථාවේ යතුරු පැදියේ තිදෙනකු ගමන් කර ඇති අතර ඉන් දෙදෙනකු මෙසේ මිය ගොස් ඇති අතර තුවාල ලත් අනෙක් පුද්ගලයා මීගමුව දිස්ත්‍රික් මහ රෝහට ඇතුළත් කර ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd