(ලක්මි කුඩලිගම)
බුලත්සිංහල හල්වතුර ප්‍රදේශයේ දි යතුරු පැදියක ගැටීමෙන් වයෝවෘද්ද පුද්ගලයකු මිය යාමෙන් පසු ඇති වූ උණුසුම්කාරි තත්තවය පාලනයට පොලිසිය දැඩි උත්සහායක් දැරීමට සිදු විය.
අද රාත්‍රියේ සිදු වූ යතුරු පැදි අනතුරින් 68 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
කොළඹ දෙස සිට බුලත්සිංහල දෙසට ධාවනය කළ යතුරු පැදියේ ගැටුණු පුද්ගලය මිය යාමත් සමග කලහකාරී ලෙස හැසිරුණු පිරිසක යතුරු පැදියට ගිනි තබා එය විනාශ කළේය.
පොලිසිය එය වැළැක්වීමට උත්සහා කළත් ඒ වන විටත් යතුරු පැදිය ගිනි ගෙන විනාශ වී තිබුණි.
උණුසුම්කාරි තත්වය පාලනයට විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යතුරු පැදිය වරදක් කරලා නැහැ. වරද කරන්න ඇත්තේ නොහික්මුණු කොල්ලෙක් වෙන්න ඇති ඉතින් කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු ඇසීම වගේ වරදක් නොකළ යතුරු පැදියට ගිනි තැබීම වැරැදියි..!
ජෙප්පෝ වෙන්න ඇති .. ගිනිතියන්න දක්ෂයි.