IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


යටිනුවර ප්‍ර.ස. විපක්ෂ නායක-බිරිය-දියණිය අභිරහස් ලෙස මැරිලා

(ජේ ඒ  එල් ජයසිංහ සහ ෂේන් සෙනවිරත්න )

යටිනුවර ප්‍රදේශීය සභාවේ විපක්ෂ නායක ( ස.ජ.බ)   චම්පික විජෙරත්න(  53) , ඔහුගේ බිරිඳ  සහ දියණිය  ඔවුන් පදිංචි  මුරුතලාව කම්බිඅඩිය නිවසේ  අභිරහස් ලෙස මියගොස් සිටියදී  සොයාගත් බව පේරාදෙණිය පොලීසිය කියයි.

පේරාදෙණිය පොලීසියට ලද තොරතුරක් මත ඔවුන්ගේ සිරුරු  සොයාගෙන තිබේ.

මියගිය   චම්පික විජේරත්න මහතා දිගු කලක් දේශපාලනයේ නිරතව සිටි අයෙකි. ඔහුගේ සිරුර  නිවසේ  කාමරයක එල්ලී තිබියදී පොලීිසියට හමුවී ඇති අතර 16 හැවිරිදි දියණියගේ සහ බිරියගේ සිරුරු නිවසේ තැනින් තැන තිබියදී හමුව ඇතැයි පොලීසිය කියයි. ඔවුන්ගේ කුඩා දියණිය සිද්ධියෙන් දිවි බේරාගෙන ඇතැයිද පොලීසිය කියයි.

මෙම අභිරහස් මරණවලට හේතුව මෙතෙක් අනාවරණය වී නැති බව පේරාදෙණිය පොලීසිය පවසයි.  මෙය දිවි නසා ගැනීමක්ද වෙනත් හේතුවක් මත මෙසේ සිදුවීද යනන පිළිබඳව පරීක්සණ පවත්වන බව පොලීසිය කියයි.

 



අදහස් (22)

යටිනුවර ප්‍ර.ස. විපක්ෂ නායක-බිරිය-දියණිය අභිරහස් ලෙස මැරිලා

Bunny Preena Tuesday, 29 July 2025 09:13 AM

මිනීමැරුමක් ද , දිවි නසා ගැනීමක්ද යන්න තහවුරු කරන්න බොහොම ප්‍රවේශමෙන්, උපායශීලීව පරීක්ෂා කිරීමට සිදු වෙයි. දැන් සිදුවන මිනීමැරුම් පරීක්ෂකයින් නොමග යවන සුළු විදිහටයි සිදුවන්නේ.

:       4       56

යෝගා Tuesday, 29 July 2025 10:25 AM

මිනීමරුවෝ පාලකයෝ බවට පත් උනාම මේ වගේ දේවල් වෙන්න පුළුවන්. පොලිසිය උපරිමව දේශපාලනීකරණය වෙලා නිසා සාධාරණ පරීක්ෂණයක් වෙයිද කියලා සැකයි.

:       177       63

කපුරුහාමි Tuesday, 29 July 2025 02:09 PM

සුදුවෑන් ඝාතන අතුරුදන් මිනිමෝරු කරවපු දූෂිත බලලෝබි දේසපාලුවෝ හිටපු කාලේ ගැන අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .

:       19       37

පරාTuesday, 29 July 2025 02:48 PM

යෝගා මෙච්චර කාලෙකට මිනීමරු පාලකයො දැකල තිබුනෙ නැද්ද? ලංකාවෙ නෙවෙයිද හිටියෙ?

:       8       49

සරිත් Tuesday, 29 July 2025 10:33 PM

ඒ ගැන කලබලවෙන්න එපා " පරා ". යෝගා කියන්නේ රාජපක්ෂ මිනීමරුවන්ගේ අසුචි රසකරකර ගිලින , මිනීමරු රනිල්ව " මසාජ් " කරන , සජිත් පුත්තරයාට ඉඳ හිට මුට්ටිය අල්ලන සත්වයෙක්.මෙයාට හිතන්න බැහැ ..මොලය තියෙන්නේ ශරීරයේ පශ්චාත් කොටසේ.

:       0       4

seneTuesday, 29 July 2025 04:11 PM

88/89 කාලය ද ?

:       29       18

රියන්සි ප්‍රනාන්දුTuesday, 29 July 2025 04:45 PM

මේ යෝගා සහ ගුණරත්න යන අයගේ කමෙන්ට් දැක්කාම, මේ වගේ මන්ද බුද්ධිකයෝ මේ රටේ ඉන්නවාද කියලා පුදුම හිතෙනවා...

:       4       38

දිමුතු ද සිල්වාWednesday, 30 July 2025 08:25 AM

මම වෛද්‍ය වරයෙක්, මට දැනෙන විදියට යෝගා සහ ගුණරත්න, දැවැන්ත පරාජය දරාගත නොහැකිව ඉච්ඡාභංගත්වයට පත්ව, ජයග්‍රාහකයන් පිලිබදව දැඩි ඉර්ෂ්‍යාවකින් සහ වෛරයකින් තැවෙන පුද්ගලයෙක් හෝ පුද්ගලයන් දෙදෙනෙක්. මෙය දිගින් දිගටම ගියහොත් මානසික අවපීඩනය දක්වා වර්ධනය විය හැකි නිසා, ඔහු හෝ ඔවුන් ගැන අනුකම්පා කල යුතුය.

:       2       4

චාන්දන Tuesday, 29 July 2025 07:16 PM

පිස්සා යෝගා කට ඇරියා....

:       0       0

kapilaWednesday, 30 July 2025 02:00 AM

ඒකට ආණ්ඩුවක් මක් කරන්නද

:       0       2

පිටිගල මිලානෝ Tuesday, 29 July 2025 11:42 AM

ඈ බොල යෝගා, ඔබ කියන ඔය මීනීමරුවෝ දැං දෙකයි පනහට වැටිලනේ…. ඒ කියන්නේ උං තාමත් මිනී මරන එක අතඇරලා නැද්ද…? සුදු වෑන් එවනවාද?

:       13       35

පරා Tuesday, 29 July 2025 11:56 AM

ජවිපෙ ආයිත් වැඩ පටන් ගෙන වගෙයි. සෙවිල්ලෙන් හිටියොත් හොඳයි.

:       63       29

fairoos Tuesday, 29 July 2025 12:06 PM

ඉතා කණගාටුයි... නිවන් සුව ලැබේවා

:       0       34

Perera Tuesday, 29 July 2025 12:08 PM

එල්ලිලා මැරුණ කෙනෙකුයි මරලා එල්ලපු කෙනෙකුයි අධිකරණ විද්‍යානුකුලව නිගමනය කළ හැකියි

:       0       40

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Tuesday, 29 July 2025 12:43 PM

පාලකයෝ මිනීමරුවෝ වෙලා තමයි ප්‍රදීප් එක්නැළිගොඩ අදටත් නැත්තේ, මාද්‍යවේදී ලසන්ත වෙඩිකෑවේ, තාජු ඩීන් සහ රතුපස්වල තරුණයින්ව ඝාතනය වුණේ, තෙල් නැතිකාලේ තෙල් පෝලිම්වල හිටපු නිරායුධ අහිංසක සිවිල් ජනතාවට වෙඩිතියල මැරුවේ.

:       18       54

පැරකුම් Tuesday, 29 July 2025 02:39 PM

හරිම කනගාටුදායක ප්‍රවෘත්තියක්. හොඳ නිහතමානී, වැඩක් කල කෙනක්

:       0       17

පිටරැටියා Tuesday, 29 July 2025 03:55 PM

වහලුන්ට අමතක වෙලා පාස්කු ප්‍රහාරය එල්ලවන තැනට වැඩ සිද්ද කරලා ,අලුමතින් බලයට ආපු බලලෝබී බඩගෝස්තරවාදී මිනීමරු දේසපාලුවන්ගේ කෙරුවාවල්? සමහර වහල්ලූ හිතාගෙන ඉන්නේ අපි අන්ද,ගොලු බිහිරෝ කියලා වෙන්ඩැ

:       7       18

Chathuri Tuesday, 29 July 2025 03:57 PM

නාමල් බේබි. හිටිහැටියෙ රටින් පිටවුනෙ ඇයි. මේ මිනිහා ගොඩක් මෝඩ යෙක්. නිසා. මේවගෙදේවල් කරන්න. හරි හපනා කිසිම දෙයක් නොවුන ගානට මම හිටියේ පිටරට කියන්න පුලුවන් නිසා. මේ වගෙ උන්ට දෙවියෝ නුවනදුන්නෙ නැත්තෙ. ඒකයි.

:       16       10

sene Tuesday, 29 July 2025 04:13 PM

ජන්මයට වඩා පුරුද්ද ලොකු කියනවා නේද ?

:       2       6

Asela Tuesday, 29 July 2025 05:47 PM

උපදෙස් දීමට හෝ උදව් කිරීමට කිසිවෙක් නැත. කුඩා දරුවා තවමත් ආරක්ෂිතව සිටින්නේ ඇයිද යන්න මෙහි ගැටළුවකි. කුමක් කීවත්, කළත්, මේ රටේ ජනතාව ස්වල්ප දෙනෙක් හැර, විශේෂයෙන් සිංහල ආතතියෙන් සිටිති...

:       4       5

kapila Wednesday, 30 July 2025 04:24 AM

මේකට 88, 89 තියන සම්බන්ධේ මොකද්ද ?

:       1       2

kapilag Wednesday, 30 July 2025 04:25 AM

ආණ්ඩුව මොනවා කරන්නද ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31399 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13649 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11023 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 135 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1039 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 285 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site