(රන්ජන් කස්තුරි)

මෙර පුරාවිද්‍යා කේෂත්‍රයට අමිල මෙහෙවරක් කල පඬිවරු දෙදෙනකු වූ මහාචාර්ය සෙනරත් පරණ විතාන සහ ආචාර්ය සිරාන් දැරනියගල යන මහත්වරුන් වෙනුවෙන් කොළඹ ජාතික  ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී අද සමරු දේශනයක් පැවැත්විණි.

බුද්ධ ශාසන සහ ආගමික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවිති එම වැඩසටහනට කීපදෙනකු පමණක් සහභාගී වි සිටි අතර ශ්‍රවණාගාරය පාළුවට ගොස් තිබූ අයුරු.

මහාචාර්ය සෙනරත් පරණවිතාන පදනම එම වැඩසටහන සංවිධානය කර තිබූ අතර අමාත්‍යවරයා ද සුළු වේලාවකින්  පාර්ලිමේන්තුවේ ඡන්දයක් පැවැත්වෙන බව පවසමින් ඉන් පිටව යාම විශේෂත්වයකි

 ඡායා ළහිරු හර්ෂණ