(ඉන්දිකා රාමනායක)
කුරුණෑගල යක්ගහපිටිය ඉන්ධන පිරවුම්හලේ ඉකුත් දා ඇති වු සිද්ධිය අතරතුර යුද හමුදා නිලධාරියකු පුද්ගලයකුට පා පහර එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතාගෙන් කරුණු විමසීමක් කළ බව කොමිසම පවසයි.
ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිවරිය කර තිබු දැනුම් දීමකට අනුව ආරක්ෂක ලේකම්වරයා ඊයේ (5) එහි පෙනී සිටි බවද කොමිසම් පවසයි.
මෙම සිද්ධිය ආරක්ෂක ලේකම්වරයා වශයෙන් තමන් හෙළා දකින බවත් , මේ සම්බන්ධයෙන් යුද හමුදාව ඉහළ මට්ටමේ විමර්ශනයක් ආරම්භ කර ඇති බවද ආරක්ෂක ලේකම්වරයා කොමිසමට දැනුම් දී ඇත.
මෙවැනි සිදුවීම් යළි ඇති නොවීමට අවශය පියවර ගන්නා බවට ද ආරක්ෂක ලේකම්වරයා කොමිසම හමුවේ දැනුම් දී ඇත.
රටතුළ උද්ගත වී ඇති තත්ත්වය හමුවේ ජනතාව ප්‍රකෝපකාරි සිද්ධීන් සිදුකළත් නිලධරීන්ට නීතිය හා සාමය ආරක්ෂා කරමින් කටයුතු කිරීමට උපදෙස් ලබා දෙන ලෙසටත්, මෙවැනි සිද්ධීන් යළි ඇති නොවීමට වග බලා ගන්නා ලෙසටත් මානව හිමිකම් කොමිසමේ සභාපතිවරිය ආරක්ෂක ලේකම්වරයාට දැනුම් ඇති බව එම කොමිසම් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳයි
රටේ ජනතාව වෙනුවෙන් මෙසේ හමුදාව යොදා කටයුතු කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්, හමුදාපති හා ජනපතිවරයාද සම්පූර්ණයෙන්ම වගකිව යුතුයි. රටේ ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට මොවුන් මෙතෙක් කල් නිසිලෙස ක්‍රියා නොකිරීම නිසා මෙවැනි දේ සිදුවූ බව පෙනේ...!
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11වන ව්‍යවස්ථාවේ " කිසිම තැනැත්තකු වධහිංසා වලට හෝ කෲර අමානුෂික හෝ අවමන් සහගත සැළැකිල්ලකට නැතහොත් දඩුවමකට යටත් නොකළ යුත්තේ ය." යනුවෙන් ව්‍යවස්ථාපිත ය. 12(1) ව්‍යවස්ථාවේ " නීතිය පසිඳලීම හා ක්‍රියාත්මක කිරීම ද නීතියේ රැකවරණය ද සර්ව සාධාරණ විය යුත්තේ ය." යනුවෙන් ද ව්‍යවස්ථා වී ඇත. ,එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ 5 වෙනි වගන්තියේ "කිසිම පුද්ගලයකු වද හිංසාවට හෝ කෲර අමානුෂික පහත් සැළැකිල්ලට හෝ දඩුවමකට හෝ භාජන නොකළ යුත්තේය. " යන ලෙස ද , තවද එම තත් ප්‍රකාශයනයේ 6 වන වගන්තියේ " සෑම අවඅවස්ථාවකදී ම නීතිය ඉදිරියේ පුද්ගලයකු වශයෙන් පිළිගනු ලැබීම අයිතිය සෑම කෙනෙකුම සතුය." යන ලෙස දක්වා ඇත. ,එසේම මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශයනයෙහි 7වන වගන්තියේ " සියල්ලන්ම නීතිය ඉදිරියේ එකිනෙකාට සමාන වන අතර, නීතියේ ආරක්ෂාව ලැබීමට කිසිදු විශේෂයක් නොමැතිව සියල්ලෝම හිමිකම් ලබත
සිසියල්ලෝම හිමිකම් ලබති. මේ ප්‍රකාශයනයට පටහැනි ලෙස කෙරෙන ඕනෑම අසාධාරණයකින් ආරක්ෂා වීමේ අයිතියත් එබඳු අසාධාරණයන්ට පෙපෙළඹවීමෙන් ආරක්ෂා වීමේ අයිතියත් සියල්ලන්ටම හිමි වේ." යනුවෙන් ප්‍රකාශිතය. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතියෙහි 7වන වගන්තියේ " කිසිදු පුද්ගලයකු වද හිංසාවකට හෝ කෲර අමානුෂික හෝ පහත් සැළැසැළැකීමට හෝ දඩුවමකට හෝ භාජන නොකළ යුතුය. විශේෂයෙන් කිසිවෙකු ඔහුගේ ස්වාධීන අනුමැතිය නොමැතිව වෙද්‍ය හෝ වවිද්‍යානුකූල අත්හදාබැලීම් වලට භාජන නොකළ යුතුය." යනුවෙන් සම්මත කර ඇති බැවින් රජය විසින් මෙම ව්‍යවස්ථා සහ අන්තර්ජාතික සමසම්මුතීන්ට අනුව කටයුතු කිරීමට බැදී ඇත. යුධ හමුදා නිළධාරීන් රජ්‍ය සේවයේ යෙදෙන්නන් වශයෙන් නිරායුද සිවිල් වැසියෙකුට පහර දීම බරපතළ කාරනයකි. අපරාධ නීතිය අනුව අපරාධයකි. බැලූ බැල්මට අපරාධයක් සිදු වී ඇති බව පෙනී යන බැවින් එකී අපරාධයේ සැකකරුවකු වශයෙන් පොලීසිය විසින් ඔහු අත් අඩංගුවට ගත යුතුය. අත් අඩංගුවට ගෙන පරීක්ෂණ මෙහෙය විය යුතුය. එසේ නොමැතිව කටයුතු කිරීම ඉහත දක්වන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යවස්ථාවන් හා අන්තර්ජා
අන්තර්ජාතික සම්මුතීන් බිඳදැමීමක් බව කිව යුතුයි. මෙසේ දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරමින් "එක රටක් එක නීතියක්" යන සංකල්ප හරසුන් වචන පමණක් වනවා ඇත...!
ඝෝටට කඩේ යන මිනිහෙක්. නියමයි
සර් සහ නඩය ෆේල්, වහාම ඉල්ලා අස්වෙලා තොලොංචි වෙලා යන්න.
මෙයත් බබා වගේ. බොරැල්ලේ ඉස්කෝල ශිෂ්‍යයෙකුට පහර දීමක් ගැන මෙයාටත් චෝදනාවක් එල්ල වුණා. ඒක බලය යොදාගෙන යටකළා නොවේද?
හැබැයි කරුමෙට එතන සිටිය ගොයියා පාපහර කෑවාට ඉන්දන පෝලිම් වල සිටින පාහරයෝ කරන හොර වැඩ වලට බයිනේත්තු වලින් අනින්න ඕනේ. ඒවා බලාගෙන සිටි නිසයි ඒ නිලදාරියාට එතරම් තරහ ආවේ. ඒ ගැනත් අවදානය යොමු කරන්න. ඉන්දන පෝලිම වල ඉන්නේ සාන්ත දාන්ත මිනිස්සු නොවෙයි වැඩි කොටසක් පාතාලයෝ. පැට්‍රොල් ලීටරය මට රු 2000 ගන්න සිදු උනා. මටනම් මුන්ට පයින් ගැසුවාට කමක් නැහැ.
පරක්කු වැඩියි මහත්තයෝ