
(අංජුල මහික වීරරත්න)
මියන්මාරයට බලපෑ යාගී සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට උපකාර කිරීමේ සහ සහයෝගීතාව දැක්වීමේ පියවරක් ලෙස විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා එම අමාත්‍යාංශයේ දී මියන්මාර තානාපති මාලා තන් හයික් මහත්මිය වෙත ලංකා තේ කිලෝග්‍රෑම් 227 ක් සංකේතාත්මකව ප්‍රදානය කළේය.
අභියෝගාත්මක අවස්ථාවේ ශ්‍රී ලංකා රජය සහ ජනතාව විසින් තේ පරිත්‍යාග කිරීමෙන් සුහදතාව පළ කිරීම මියන්මාර රජය අවංකව අගය කරන බව තානාපති හයික් මහත්මිය එහිදී ප්‍රකාශ කළාය.
මෙහිදී අදහස් දක්වමින් විජිත හේරත් මහතා පැවැසූයේ දෙරට අතර පවතින ශක්තිමත් සබඳතාවට සාක්ෂි වශයෙන් ථෙරවාදී බෞද්ධ බැඳීම් සහ ශක්තිමත් මිනිස් සබඳතා මත ගොඩනැගුණු චිරස්ථායී මිත්‍රත්වයක් පවතින බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනව වුණත් පිනා නම් දනට පිනට, අත දිගහැරලා වියදම් කළා ඩොලර් මිලියනවලින්. ලෝකෙට දනට,පිනට දුන්නා.
නියමයි, පිටරටඑවුන් එවන ඩොලර් ටිකත් එක හේතුවක්, රටවැසියන්ගෙ බඩ-කට පිරෙන්න. හැබැයි, රටවැසියන් බඩගින්නෙ ඉන්නැද්දි, මන්දපෝෂණය වැඩිවෙද්දී, පාසල් ළමයින්ට අධ්‍යාපනය අහිමිවෙද්දී, රටවැසියන්ගේ බදු මුදල් සහ පිටරට එවුන් එවන ඩොලර් ටික, ජනරජ පෙරහරවල්වලටයි, ලෝකෙට නැව් අරින්නයි, අනෙකුත් රටවලට ඩොලර් මිලියනවලින් දනට, පිනට දෙන එකෙයි ආනිසංස තේරුම් ගන්න වෙන්නෙ බත් කන හරක්ට විතරමයි. ලෝකෙට පරකාසේ, ගෙදරට මරගාතේ කියල කියන්නෙ නිකමට නෙමෙයි.