(ආරියරත්න රණබාහු )

යක්ෂ ධූම කේතුව ලෙස අන්වර්ථ නමකින් හැඳින්වෙන වල්ගා තරුවක් අද (8) සිට ලංකාවාසීන්ට දැකගත හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥ හා ඉංජිනේරු ගිහාන් වීරසේකර මහතා පවසයි.

වසර 71ට වරක් පායන මෙම තරුව12පී පොන්ස් බ්රුක්ස් ලෙස නම් කර ඇත විෂ්කම්භය කිලෝමීටර් 30කි අප්‍රේල් 21වෙනිදාට එහි උපරිම දීප්තිය පෘථිවි වාසීන්ට පෙනනෙන බවද වීරසේකර මහතා කීය.

එදිනට මෙය කිලෝමීටර් මිලියන 240ක දුරින් පිහිටයි ශ්‍රී ලංකාවාසීන්ට අද හිරැ බැස ගිය පසු බටහිර අහසේ ක්ෂතිජයට ආසන්නව මෙම වල්ගාතරුව දිස්වෙන බවද හෙතෙම කීය.