
රුසියන් හමුදා යුක්රේනයේ කාර්කිව් නුවර ඉලක්ක කර ගනිමින් එල්ල කළ ෂෙල් වෙඩි ප්‍රහාරයකින් යුක්රේනයේ අධ්‍යාපනය ලබමින් සිටි ඉන්දීය ශිෂ්‍යයකු මියගොස් ඇතැයි ඉන්දීය විදේශ අමත්‍යාංශය පවසයි.
ඒ අනුව, රුසියන් හමුදා ප්‍රහාරයකින් යුක්රේනයේ අධ්‍යාපනය ලබමින් සිටි විදේශීය ශිෂ්‍යයකු මියගිය පළමු අවස්ථාව මෙයයි.
යුක්රේනයේ විදේශ සිසුන් බොහෝ දෙනකු අධ්‍යාපනය ලබන අතර, එම සිසුන් යුක්රේනයෙන් ඉවත් කර ගැනීමට රටවල් රැසක් පියවර ගෙන ඇත. ඉන්දියාව ද විශේෂ ගුවන් යානා ඒ සඳහා යෙදවුණු බව පැවැසෙයි. ඒ, රුසියන් හමුදාව ඔවුන්ගේ ආක්‍රමණය ආරම්භ කිරීමට පෙර ය.
එම ඉන්දීය ශිෂ්‍යයා ෂෙල් වෙඩි ප්‍රහාරයෙන් මියගියේ අද (1) උදෑසනය. ඒ ගැන ශෝකය පළ කරමින්, විදේශ කටයුතු අමත්‍යාංශය වැඩි දුරටත් පවසා ඇත්තේ එය මහත් අවාසනාවන්ත සිදුවීමක් බවය.
තවමත් යුක්රේනයේ ඉන්දීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් 16,000 ක් සිටින බව ඉන්දීය විදේශ කටයුතු අමත්‍යාංශය පවසා තිබේ.
කාර්කිව් යනු යුක්රේනයේ දෙවැනි විශාලතම නගරයයි. කාර්කිව් ඉලක්ක කර ගනිමින් රුසියන් හමුදා දිගට හරහට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කරන්නේ නගර වැසියන්ගේ ජීවිත අනතුරට පත් කරමිනි.
(රොයිටර්)
යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුටින්වාදී, යුදකාමී අදහස් දරන අයගේ පවුල්වල සාමාජිකයින් එහෙම යුක්රේනයේ සිටිනවද දන්නේ නැහැ නේද? එහෙම ඉන්නවා නම් මමත් වචනයකින් හරි පුටින් මහත්තයාට උදව් කරනවා. තව හොඳට මිසයිල් ප්‍රහාර ගහන්න කියලා. කොහෙද ඉතින් කලාපීය බලවත්තු ඉදිරියේ අපි වගේ නැට්ට බඩයට ගහගෙන ඉන්නේ නැතිව යුක්රේන ජනතාව කරගත්තු විනාශයක්...!
සිකුරිටි කවුන්සිල් එකේදී ඉන්දියාව රුසියන් හමුදා ප්‍රහාරවලට විරුද්ධ වෙන්නවත් කැමැති නැති වුණානේද? දැන් තියෙන්නේ ප්‍රතිඵල....