
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලාංකික සිසුන් 7 දෙනෙකු යුක්රේනයේ කාර් කිව් පළාතේදී බේරාගැනීම සම්බන්ධයෙන් රුසියා සහ යුක්රේන මාධ්‍ය අතර සීතල යුද්ධයක් ආරම්භ වී ඇත.
පිරිමි පුද්ගලයන් 6 දෙනකු සහ එක් කාන්තාවක මෙම සිසුන් හත්දෙනාට ඇතුලත් වන බව පැවසෙයි.
මෙම සිසුන් වයස 20ත් 40ත් අතර වයස් වල පසුවන අය බවත් රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමට සති තුනකට පෙර මොවුන් යුක්රේනයට පැමිණ ඇති බවත් යුක්රේන මාධ්‍යවේදිනියක වන මරියා රොමනෙන්කෝ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පැවසුවාය.
සිසුන් පිරිස කුපියාන්ස්ක් හි නිවසක් කුලී පදනම මත ලබා ගෙන ඇති අතර රුසියානු හමුදා, ප්‍රදේශය අත්පත් කරගැනීමෙන් පසු ඔවුන් තම නිවසේ සැඟව සිට ඇති අතර පසුව වෙනත් පළාතකට යෑමට තැත් කිරීමේදී රුසියානු හමුදාවන් ඔවුන්ගේ දෑස් බැඳ හඳුනා නොගත් වෙනත් ස්ථානයකට රැගෙන ගොස් ඇතැයි ඇය පෙන්වා දුන්නාය.
එහිදී පඩි නොගෙවා රුසියානු හමුදා සිසුන්ගෙන් වැඩ ගෙන ඇතැයිද ඇය තැබූ ට්විටර් සටහනේ දැක්වේ.
මේ අතර යුක්රේන විශේෂ බළකා ක්‍රමවේදයන් භාවිත කරමින් කුපියාන්ස්ක් වෛද්‍ය විද්‍යාලයේ ශ්‍රී ලාංකික සිසුන් 7 දෙනකු රඳවා ගෙන කර් කිව් පළාතේ හඳුනා නොගත් ස්ථානයකට රැගෙන යාම එහි මිලිටරි-සිවිල් පාලනයට එරෙහිව ජාත්‍යන්තර ප්‍රජාව ප්‍රකෝප කිරීමේ උත්සාහයක් දැයි සැකයක් තිබෙන බව මිලිටරි-සිවිල් පාලනයේ ප්‍රධානි විටාලි ගන්චෙව් ප්‍රකාශ කළ බව රුසියාවේ ටාස් පුවත් සේවය වාර් තා කළේය.
යුක්රේනය, යුද්ධය ජයග්‍රහණය කිරීම සඳහා තම ජනතාවගේ ජීවිත පරදුවට තබන බව විටාලි ගන්චෙව් මහතා පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකා සිසුන් 7 දෙනා රඳවා තබාගැනීම සම්බන්ධයෙන් යුක්රේන මාධ්‍ය රුසියානු හමුදාවන්ට චෝදනා එල්ල කරන අතර රුසියානු මාධ්‍ය යුක්රේන ආරක්ෂක අංශ වෙත චෝදනා එල්ල කරනු ලබයි.
විදේශ කටයුතු අමාත්‍යංශය යුක්රේන රජයෙන් මේ පිළිබඳ විමසීමක් කර ඇතත් තවමත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බව පැවැසෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සයිටම් වහන්න කියපු කුහක යක්කු ටිකටත් මේ පවෙන් ටිකක් සම්මාද ම් වෙන්න කියන්න.
මේ ළමයින්ට තමන් උපන් රටේ තමන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යන්නට ඉඩ නොදුන් වෛද්‍ය සමිති මීට වගකිව යුතුයි. මේවාට අනුබල දුන් රටේ බංකොළොත් දේශපාලන පක්ෂ කිසිදිනක මේ රටේ බලයට පත් නොවෙන බව නම් සහතිකයි...
එක්තරා මැටි හෝ කඩාකප්පල්කාරී තීරණයක් ගෙන රුසියානු ගුවන් යානයක් නිසා අපට හිටිය හොඳම මිතුරෙක් වන රුසියාව අමනාප කරගත්තා. මේ සිදු වීමත් යුක්රේනය විසික් මවාපාන දෙයක් විය යුතුයි . ලක් රජය ඉතා පරිස්සමෙන් කටයුතු කළ යුතුයි.
රුසියන් යුක්රේන් අරගලයේදී රුසියාවට සහයෝගය දක්වන අපේ කොමියුනිස්ට් පක්ෂය මොකද කියන්නේ?