IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


යුක්රේන සිරකරුවන් රැගෙන ගිය රුසියානු යානයක් කඩා වැටෙයි

(විමුක්ති එස් රුද්‍රිගු)

යුක්‍ රේන  යුද සිරකරුවන් හැටපස්දෙනෙකු රැගෙන ගිය රුසියානු හමුදාවට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් එරට වේලාවෙන් පෙරවරු එකොළහට පමණ බෙල්ගොරොඩ් පළාතේදී කඩා වැටී ඇතැයි රුසියානු බලධාරීහු අද(24) ප්‍රකාශ කළහ.

එම සිරකරුවන් රැගෙන ගිය ගුවන් යානයේ සිටි නව දෙනකුගෙන් යුත් කාර්ය මණ්ඩලය සහ සිරකරුවන් සියලු දෙනා අනතුරින් මිය ගිය බව රුසියානු බලධාරීහු පැවසූහ.

 යුක්රේනය සමග යුද සිරකරුවන් හුවමාරු කිරීම සඳහා මෙම සිරකරුවන් රැගෙන යමින් සිටි බවත් ගුවන් යානය පියාසර කරන මාර්ගය යුක්‍ රේනය දැන සිටි බවත්

ඇතැම් රුසියානු බලධාරීහු චෝදනා කළහ.

යුක්රේන දේශසීමාවට ආසන්න වන විට ගුවන් යානා නාශක මිසයිල පද්ධතියකින් හෝ පේට්‍රියට් මිසයිල පද්ධතියකින් එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් මෙම ගුවන් යානය යුක්රේනය බිම හෙලූ බව ඇතැම් රුසියානු දේශපාලනඥයන් චෝදනා කළේය.නමුත් එම චෝදනාවලට කිසිම සාක්ෂියක් සපයා නොමැත.

ගුවන් යානය කඩාවැටෙන අවස්ථාවේ තවත් යුක්රේන යුද සිරකරුවන් අසූවක් රැගත් ගුවන් යානයක් ඒ අසලින් පියාසර කරමින් සිටි බවත් එම ගුවන් යානය ගමන් ගන්නා මාර්ගය මෙම සිදුවීම හේතුවෙන් වෙනස් කළ බවත් රුසියානු බලධාරීහු ප්‍රකාශ කළහ.

මෙම අනතුරට හේතු වූ සැබෑ කරුණු සොයා බැලීම සඳහා රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය විසින් කමිටුවක් පත් කරනු ලැබ ඇත.

යුක්රේනය මෙම සිදුවීම පිළිබඳ පවසා ඇත්තේ එම ගුවන් යානය මිසයිල ආරක්ෂණ පද්ධතිය සඳහා මිසයිල ප්‍රවාහනය කරමින් තිබූ එකක් බවයි.ඉදිරියේදී මේ පිළිබඳ සැබෑ තතු හෙළිවනු ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.

 



අදහස් (1)

යුක්රේන සිරකරුවන් රැගෙන ගිය රුසියානු යානයක් කඩා වැටෙයි

chandima Thursday, 25 January 2024 05:01 AM

අපේ උත්තමයා පලස්තීන ප්‍රශ්නේ විසඳලා ගෙදර ආවා නේද ?ප්ලේන් වැටෙනවා කිව්වම ඇඟ සීතල වෙනවා

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 131 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site