
(තිළිණි ද සිල්වා)
යුක්රේන සංචාරකයන් ගෙන්වීම නතර කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නැතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (10) පැවසීය.
යුක්රේනයෙන් හෝ වෙනත් ඕනෑම රටකින් සංචාරකයන් දිවයිනට ගෙන්වීම නතර කිරීමට තීරණය ගත යුත්තේ කොවිඩ් කමිටුව හා සෞඛ්‍ය බලධාරීන් යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
දැනට මෙරට සංචාරකයන් පැමිණීම තාවකාලිකව තහනම් කරලා තිබෙන්නේ එංගලන්තයෙන් පමණක් වන බවත් , මේ නිසා මේ නියාමන ව්‍යාපෘතිය පැවැත්වෙන කාලය තුළ එංගලන්තය හැර ඕනෑම රටකින් සංචාරකයන් ගෙන්වන්න පුළුවන් යැයි ද සංචාරක අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
යුක්රේන සංචාරකයින් සම්බන්ධයෙන් වැඩිදුරටත් මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.
“යුක්රේනයේ හෝ ලෝකයේ ඕනෑම රටකින් මෙරටට සංචාරකයන් ගෙන්වීම නතර කරන්න නම් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගත යුත්තේ කොවිඩ් කමිටුව හා සෞඛ්‍ය බළධාරීන්. දැනට ලංකාවට සංචාරකයන් පැමිණීම තාවකාලිකව තහනම් කරලා තිබෙන්නේ එංගලන්තයෙන් විතරයි. මේ නිසා මේ නියාමන ව්‍යාපෘතිය පැවැත්වෙන කාලය තුළ එංගලන්තය හැර ඕනෑම රටකින් සංචාරකයන් ගෙන්වන්න පුළුවන්. 21 වෙනිදායින් පස්සේ අපි වාණිජ ගුවන් ගමන් සදහා ගුවන් තොටුපළ විවෘත කරනවා. අපි අලුත් ගයිඩ් ලයින් හදලා තියෙන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානය, ජාත්‍යන්තර ගුවන් ගමන් සංවිධානය විසින් සංචාරකයන් සදහා නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මත පදනම්වයි. අපේ රටේ සෞඛ්‍ය බළධාරීන් මේ සියල්ල ඉතාම දැඩි ලෙස අධ්‍යයනය කරලයි සංචාරකයන් සදහා වන ගයිඩ් ලයින් හැදුවේ. ඒ ගයිඩ් ලයින් අනුව ඕනෑම කෙනෙකුට සංචාරකයන් ගෙන්වන්න පුළුවන්.
මේ රටට එන හැම සංචාරකයෙකු ම රටේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කළ යුතුයි. එය අපි ඉතා පැහැදිලිව අදාළ සංචාරක සංවිධානය කරන්නන් වෙත දැනුම් දී තිබෙනවා. සංචාරකයන් මෙරටට ගෙන්වීමේ වැඩපිළිවෙල අපි දැඩි අධික්ෂණයකට ලක් කරනවා.
මාධ්‍ය වාර්තා වලට අනුව යුක්රේනයේ වහලා තියෙන්නේ පාසල්, රෙස්ටොරන්ට්, ලොකු සෙනගක් සම්බන්ධ වන රැස්වීම් වගේ දේවල්.”

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එච්චර රටට කීර්තියක් ගෙනදුන් අර්ජුනගේ මල්ලි කියන්නත් මොකක්ද වගේ...
එය හොඳ අදහසක්...
ඔව්, ඔයා ඇමැති වුණාට ඒක තීරණය කරන්නේ උදයංග කියලා රටම දන්නවා. දැන් සැපද?
"මේ රටට එන හැම සංචාරකයෙකු ම රටේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කළ යුතුයි" අනේ මන්දා එක්කෙනෙක් කිව්වා නේද එන මිනිසුන්ට පිස්සු නැහැ අපේ රටේ නීති වලට ගරු කරන්න කියලා.?
පසුගිය මාස 5 කියපු තරමක් කිව්වේ ගල් පැලෙන බොරු.
ගම්පහ ඡන්ද දායකයන්ට අපගේ ආචාරය.
මෙයා නුවරඑළියේ ඇල්පයින් එකේ ඉන්න බව කවුරුත් දන්නවා.
බොහෝම හොඳයි. කොරෝනා ලංකාව පුරාම බෙදලා දාන්නයි හදන්නේ... මේවගේ මෝඩ රැළක්...
සංචාරකයින් ගෙන්වන්න රටක් නැතිවද මේ යුක්රේනයෙන් ගෙන්වන්නේ..?
එහෙම කොහොමද මේක නතරකරන්නේ? මේක සහෝදර සමාගමේ ළඟම කෙනෙක්ගේ ව්‍යාපාරයක්... කොවිඩ් නොවේ රටට මොනවා වුණත්... මේ වැඩ ටික කළ යුතුයි.
ඔව් නැත්නම් ලැජ්ජයිනේ...!!!
කමක් නෑ ඉතින්, අපි ඉතින් සංචාරකයින්ගෙන් ලෙඩ බෝවෙනවද කියලා බලන්න භාවිතා කරන පරීක්ෂක මීයෝනේ...
සංචාරකයින් ඉන්නේ යුක්රේනයේ විතරයි. ජනවර්ගය සංචාරන්ස්... ඔවුන්ගේ භාෂාව ‘සංචාරුව‘
උදයංග කියයි.
යුක්රේන සංචාරකයන් ගෙන්වීම නතර කරන්න උදයංග තීරණය කර නෑ..
ගෙන්න ගන්න බැරි නම් ඕන දෙයක් කරගන්න අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් අපේ ශ්‍රී ලාංකික විදේශ ශ්‍රමිකයෝ ටික ලංකාවට ගෙනත් දෙන්න.
රජයෙන් අවසර නැතුව ලංකාවට එන්න පුළුවනි. රට පටලවලා දැනුම් දීමක් නිකුත් කළා... තවමත් ගුවන් ටිකට් පතක් අපටම මිලදී ගන්න බෑ ඉස්සර වගේ... එ්ත් තානාපති කාර්යාලය එක්ක ගණුදෙණුවකට එකඟ වෙලා ඉන්න කෙනෙක් ඉන්නවා. අපිට ටිකට් එකක් අරන් දෙන්න. එයාට අපේ විස්තර දෙන්නේ තානාපති කාර්යාලයෙන්, ලංකාවේ ඉන්න හෝටල් කාරයාත් ඇතුළුව මේ තුන් කට්ටුව තමා ගනුදෙණුව කරන්නේ. තුන් දෙනාටම ලාබයි. ඇයි දවසකට ඉන්න රු 7,500 ට අඩුවෙන් හෝටල් කාමර ලංකාවේ ඇත්තේම නැද්ද? තියෙනවා එ්ත් රජයට කඩේ යන අයට විතරක් මැද පෙරදිග ඉඳලා එන අය හූරගෙන කන්න ඉඩදීලා අර ඉහත කී තුන්ගොල්ල එකතු වෙලා හූරාගෙනම කනවා.