රුසියන් ප්‍රහාර දිගින් දිගටම එල්ල වෙද්දී, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, කියෙව් අගනුවර සිට සජීවීව, යුරෝපා සංගමය ඇමැතුවේය. ඒ, වීඩියෝ පණිවුඩ හුවමාරු ඔස්සේ යුරෝපා පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වෙමිනි.
‘මා දන්නවා රුසියාව අපට පහර දෙද්දී, ඔබ සැම (යුරෝපා රටවල්) සිටින්නේ යුක්රේනය පැත්තේ. යුක්රේන වැසියන්ගේ පැත්තේ. ඒත් ඔබ ඒක ඔප්පු කළ යුතුයි. ඔබ යුක්රේනය පැත්තේ බව අපට ඔප්පු කරන්න. යුක්රේනය යුරෝපා සංගමයේ සාමාජිකයකු කරගන්න. අප සටන් කරන්නේ අපේ ජීවත් වීමට ඇති නිදහස වෙනුවෙන්. අපේ දරුවන් වෙනුවෙන්. අපේ අනාගතය වෙනුවෙන්. යුක්රේනය යුරෝපා රටක්. යුරෝපා සංගමයේ සාමාජිකත්වය ඉල්ලමින් අප කරන්නේ සාධාරණ ඉල්ලීමක්. ඔබ අප සමඟ සිටිනවා යැයි ඔප්පු කර පෙන්වන්න’ යැයි ජනාධිපති සෙලෙන්ස්කී පැවැසුවේ ඉතා හැඟීම්බරවය.
ජනාධිපතිවරයා යුක්රේන පාර්ලිමේන්තුව ඇමතුවේ යුක්රේන බසිනි. යුරෝපා සංගමයේ නායකයන්ට එම කතාව පරිවර්තනය කළ පර්තකයන් එම කතාව ඇසීමෙන් සංවේදී වූ අතර, එය යුරෝපා නායකයන් සංවේදී කිරීමට හේතුවක් වුණු බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. යුක්රේන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව ඇමැතුවේ, හමුදා සෙබළුන්ගේ ටී ෂර්ටයකින් සැරැසීය.
ජනාධිපති සෙලෙන්ස්කී කතාව අවසන් කරද්දී, යුරෝපා සංගමයේ සාමාජිකයෝ අසුන්වලින් නැගිට අත්පොළසන් දෙමින්, යුක්රේන ජනාධිපතිවරයාට ප්‍රසංශා කිරීමට ද අමතක නොකළහ.
මේ වනවිට යුරෝපා සංගමය වෙනුවෙන් එහි උප සභාපති මාර්කෝස් සෙෆ්කොවික් පවසා ඇත්තේ යුක්රේන රුසියානු අර්බුදයේ යුරෝපා සංගමය සැමවිටම යුක්රේනයට සහාය දක්වන බවත්, මේ වනවිටත් යුක්රේන හමුදාවට අවි ආයුධ සහ යුදෝපකරණ ඇතුළු මානුෂීය ආධාර ලබා දී ඇති බවය.
(රොයිටර්)
යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
යුක්රේන ජනපති යුරෝපා සංගමය හඬවයි
Prabha Wednesday, 02 March 2022 02:23 PM
රුමේනියාව යුරෝපා සංගමයට එක්වී මාසයකින් ජනගහනයෙන් අඩක් දියුණු රටවල් වලට සංක්‍රමණය විය. මේ හිඟන රටත් එක්වුණොත් වෙන්නේ ඒ ටිකම තමයි...
senaWednesday, 02 March 2022 03:15 PM
ඔයා කතා කරන්නේ හරියට යුරෝපා සංගමයේ අයිතිකාරයා වගේනේ...
Prabha Wednesday, 02 March 2022 05:02 PM
ලංකාවට ලොකු රටවල් වුණාට යුක්රේනය, රුමේනියාව, බල්ගේරියාව, හංගේරියාව ඔය රටවල්වල ජනගහනයෙන් අඩක්වත් අහිකුණ්ඨිකයින් ඉන්න හිඟන රටවල් තමයි...
sujeewa Wednesday, 02 March 2022 02:54 PM
නළුවන්ගේ රඟපෑමේ දක්ෂතාවය වැඩිවන තරමටම ප්‍රේක්ෂකයින් එයින් වික්ෂිප්ත වීමේ සම්භාවිතාවද වැඩිය. එවිට එහි සත්‍යාසත්‍යතාවය නොසොයා එය සත්‍ය කතාවක් බවට විශ්වාසයක් ජනිත වේ...
චන්දන Wednesday, 02 March 2022 03:54 PM
ඇමරිකාව ප්‍රමුඛ යුරෝපීය රටවල් යුක්රේනය අමාරුවේ දැම්මා... දැන් ගලේ පහරපු එවුන් වගේ...