(විමුක්ති එස් රුද්‍රිගු)
විෂ මත් ද්‍රව්‍ය වැටලීම සඳහා ආරම්භ කර ඇති ‘‘යුක්තිය‘‘ මෙහෙයුම පිළිබඳ සමාලෝචනයක් කරන ලෙසත් මානව හිමිකම් ආරක්ෂා කරමින් එම මෙහෙයුම ක්‍රියාත්මක කරන ලෙසත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටින බව එම කාර්යාලයේ මාධ්‍ය ප්‍රකාශිකා ලිස් ත්‍රොසෙල් මහත්මිය ප්‍රකාශ කළාය.
මේ වනවිට යුක්තිය මෙහෙයුම යටතේ 29000 කට ආසන්න සංඛ්‍යාවක් මත් ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා මත අත් අඩංගුවට ගෙන ඇති බවද ඇය පෙන්වා දුන්නාය.
එසේ අත් අඩංගුවට ගත් ඇතැම් පුද්ගලයන් තමන්ට අසාධාරණ ලෙස සැලකූ බවත් වධ හිංසා වලට ලක් බවත් චෝදනා කර තිබෙන බව ලිස් ත්‍රොසෙල් මහත්මිය පැවැසුවාය.
ආරක්ෂක අංශ වරෙන්තු නොමැතිව සෝදිසි කිරීම්වල නියැලී ඇති බවත් මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් යැයි සැකකෙරෙන පුද්ගලයන් විශාල පිරිසක් රඳවා ගෙන ඇති බවත් ඇය ප්‍රකාශ කළාය.
එලෙස රඳවා ගත් බොහෝ පිරිස් හමුදා පාලනයක් සහිත පුනුරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බවද ලිස් ත්‍රොසෙල් මහත්මිය පැවැසුවාය.
යුක්තිය මෙහෙයුම තුළදී අනවසර සෝදිසි කිරීම්, අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබා ගැනීම, අයහපත් ලෙස සැලකීම්, වධහිංසා පැමිණවීම් සහ ප්‍රසිද්ධියේ අපහසුතාවයට පත්වන අයුරින් පුද්ගලයන් සෝදිසි කිරීම් ඇතුළු උල්ලංඝනයන් ගණනාවකට පුද්ගලයන් ලක් වී ඇති බව වාර්තා වන බවද ලිස් ත්‍රොසෙල් මහත්මිය ප්‍රකාශ කළාය.
ඕනෑම සමාජයක මත් ද්‍රව්‍ය යනු විශාල ප්‍රශ්නයක් නමුත් මෙවැනි දැඩි මෙහෙයුමක් එයට විසඳුම නොවන බවද ලිස් ත්‍රොසෙල් මහත්මිය පැවැසුවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මානව හිමිකම් වලට නැමෙන්න හොඳ නැහැ. ඔක්කෝම නැති බැරි හිඟන රටවල්වලට තමයි ගෙම්බර් දාන්නේ. ඊශ්‍රායලය ළමයි දහස් ගණන් මරනවා... ගාසා තීරයේ කෙරෙන්නේ හරි වැඩක්ද? කෝ ඒවාට පුප්පනවා අපිට පේන්නේ නැහැ. මොවුන්ට හිස නමන්න හොඳ නැහැ...!
උන්දැලා දැනගන්න ඕනෑ මානව හිමිකම් උල්ලංඝනය වෙන්නේ කුඩ්ඩන්ගේ පමණක් නොවෙයි කියලා ඇත්තටම කුඩ්ඩන්ගේ වැඩ නිසා සමාජයේම මානව හිමිකම් උල්ලංඝනය වෙනවා කියලා හිතන්න ඒ දෙන්නට මොළයක් ලැබේවා. කල්පනා ශක්තියක් ඇතිවේවා... ලංකා රජයටත් රටට ඇතිවී තිබෙන තත්වය පැහැදිලි කරන්න හැකියාව ලැබේවා කොහොම වුණත් මානසික උපදේශක කෙනෙකුට මිස පිස්සන්ට අවබෝධයක් දීමට හැකියාවක් නැහැ..!
මත්ද්‍රව්‍ය උවදුර සහමුලින්ම උදුරා දැමිය යුතුයි. ඒත් ඒ සඳහා මුල්වූ දේශපාලකයින්ට හා නිලධාරින්ට නීතිමය චෝදනා තියෙනවා. රන්ජන් හෙළිකළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගැන වැටලීම් වෙන්නේ නැහැ. ලොකු එකාට පොඩි එකාට එකම නීතියක් තිබිය යුතුයි. ඒත් එහෙම දෙයක් පේන්නට නැහැ. රටක අධිකරණයක් නීතියක් තියෙන්නේ ධර්ම චක්‍රය උරදෙකේ ගහගෙන පොලිසියට නීතිය අතට ගෙන ක්‍රියා කිරීමට නොවේ. පොලිසියට ඉහළින් ඉන්නේ ගරු අධිකරණය හා නීතියයි. ඒත් මේ රටේ පොලිසියට ඉහළින් ඉන්නේ දේශපාලකයා. ඒක රටේ ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක්...!
මැද පෙරදිග ගාසා තීරයේ යුද්ධයක් නිසා දසදහස් ගණනින් මිනිස්සුත් මිය යනවා.. අබ්බගාත වෙනවා, බඩගින්නේ මැරෙනවා. ඒ ගැන ඇටිකෙහෙල් කාපු උගුඩුවෝ වගේ හිටපු අයට දැන් ලංකාවේ මත්ද්‍රව්‍ය නිවාරණ යුක්තිය මෙහෙයුම තමයි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ... හොඳ වෙලාවට ගෝඨා ඉවත්වෙලා තිබුනේ...!
අනේ යන්න... හැමදාමත් කළේ අපිට කෙළවපු එකයි. තව ටිකෙන් යුද්ධයට කෙළවෙනවා.
අනේ ඇති යාන්තං මානව හිමිකම් කොමිසම මැදිහත් වුණා දේශබන්දු අල්ලන අන්ත අහිංසක පිරිසිදු උතුම් බිස්නස් කරන අවංක මිනිස්සු වෙනුවෙන්. මානව හිමිකම් කොමිසම දිනේවා..!
බනින්න එපා. ලෝකයේ මත්ද්‍රව්‍ය, පොලිස් වැටලීම් වලින් පමණක් පාලනය වෙන්නේ නෑ. හේතුව මෙවැනි ජාවාරම් කාරයින් සහ ඔවුන්ගේ ගෝලයින් වැටලීම්, ගුටි කෑම, නඩු වැටීම සහ හිරේ යාම වැනි දෙයට හොඳින් ඔරොත්තු දීමයි. එක ප්‍රධාන ක්‍රමයක් විය යුත්තේ දැනුවත් කිරීම සහ දැනුවත් වීමයි. මත්ද්‍රව්‍ය ගන්නා කෙනෙක්ට ඒ ඇබ්බැහියෙන් මිදෙන්න ගෙදර අය පමණක් නොවේ, සමාජය උදව් කරන්න ඕනෑ. ඔවුන් නීති කැඩුවාට ආන්ඩුව නීති ඇතුලේ ගෞරවාන්විත විදිහට ක්‍රියාත්මක වෙන්න ඕනෑ. නැත්තං තවත් රස්තියාදුකාරයෙක් වෙනවා. මත්ද්‍රව්‍ය එන එක වළක්වන එකට වඩා මත්ද්‍රව්‍ය වලට ඉල්ලුම අඩුකරන වැඩ කළොත් තොග කඩ ටිකයි, සිල්ලර කඩ ටිකයි මුදලාලිලා සෙට් එකයි ගොඩක් අඩු වෙයි. හැම නාලිකාවකටම සතියකට තත්පර හැටක ඇඩ් එකක් දෙන්න කියන්න, මත්ද්‍රව්‍ය හඳුන්වන්න ඒවායේ තියෙන රසායනිකයන් සහ භයානකකම ගැන...
මානව හිමිකම් ලොක්කා අපේ දේසේ හැටියට බාසේ තේරුණාද? මේ රටේ යුක්තිය රටට ඕනෑ විදිහටයි කෙරෙන්නේ. ඔහේ මේවාට ඇඟිලි ගහන්න එපා පෙනෙනවා නේද? කුඩු පාතාලය පැතිරිලා තිබෙන විදිහ... මේක මාස 6 න් 10 නවත්තන්න පුළුවන් එකක් නොවෙයි. හැමදාම කෙරෙන්න ඕනෑවැඩක්. යුක්තියට නීතිය අදාළ නැහැයි කියන එකත් ප්‍රකාශ කරන්න වෙනවා...
අනේ පලයන් මහ කොමසාරිස් යන්න
කුඩ්ඩෝ ඉවර කරන්න...!
සෑම සතෙකුටම ඇස් දෙකක් තියෙනවා.. ඉතින් එයින් අංශක 180ක් දර්ශනය වෙනවා... ඒත් එක් ඇහැක් පමණක් තිබුණොත් පේන්නේ අංශක 90 ක් හෝ ආසන්න ප්‍රමාණයක් විතරයි... ඒ වගේ ලෝකයේ බොහෝමයක් දෙනාටම පේන්නේ ඉතාමත් අඩුම කොටසක් නිසා තමයි මෙහෙම කියන්නේ ඇහැ නැති පැත්තේ දේවල් ඔවුන්ට පේන්නේ නැහැ... ලංකාව සුද්දගේ පාලන කාලයේ ආපු ආණ්ඩු කාරයෙක් එක් ඇසක් වසාගෙන ආවෙත් (එයාගේ නීතිය පමණක් හරි කියන්න තමයි) ලාංකිකයන් මර්දනය සඳහා මිස රට කුඩා නිසා නොවෙයි කියලා හිතාගන්න...
ඔය මෙහෙයුම කරන්නේ ඇයි කියලා ජනතාව දැනුවත් වෙන්න ඕනෑ.. ඕක පටන් ගත්තේ එකක් අරයාට පොලිස්පතිකම දෙන එකට රටේ බලවත් විරෝධයක් තියෙනවා... ඒකට එයා සුදුසුයි කියලා සාධාරණය කරන්න... දෙවැන්න රටේ නැගීඑන ආණ්ඩු විරෝධී රැල්ල මැඩ පවත්වන්න. මොවුන් තමයි කුඩු ගේන්නේ රටට...!
කොන්දේසි විරහිතව මත්ද්‍රව්‍ය සමාජයෙන් තුරන් කළයුතු වෙනවා. මත්ද්‍රව්‍ය මහා පරිමාණයෙන් ගෙන්වන අය, විකුණන අය, බෙදාහරින අය තමයි මුලින්ම අල්ලන්න ඕනේ. මතට හුරු වුණු අයට පුනුරුත්ථාපනය තුලින් ගොඩ දාගන්න පුළුවන් වගේම ඔවුන්ට යම්කිසි රැකියාවක නිරත වීමට අවශ්‍ය පුහුණුවක් තුළින් එළියට දැම්මා නම් ඔවුන්ට වගේම සමාජයට යහපතක් වෙනවා. මේ හැමදේම කරන්න පාලකයින්ට අවංක වුවමනාවක් තියෙන්න ඕනේ. ඒක දේශපාලනික වුවමනාවක් නොවිය යුතුයි..