(ගයාන් සූරියආරච්චි)
යුක්තිය මෙහෙයුම යටතේ ඊයේ (30) සහ අද (31) තුළ ගතවූ 24 ට මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධයෙන් සැකකරුවන් 729 දෙනකු අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 146 ක්, අයිස් ග්‍රෑම් 119 ක්, ගංජා ග්‍රෑම් 945 ක්, ඈෂ් ග්‍රෑම් 308 ක්, මාවා ග්‍රෑම් 614 ක් සහ මදන මෝදක ග්‍රෑම් 254 ක් අත්අඩංගුවට ගෙන තිබේ.
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් තිදෙනකුට රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් 04 ක් පුනරුත්තාපනය සදහා යොමු කර ඇත.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 03 ක්ද අත්අඩංගුවට ගෙන ඇත.
අපරාධ අංශවෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 230 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 19 ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 204 ක්ද සිටින බව එම අමාත්‍යංශය පවසයි.
ඇගිලි සටහන් මාධ්‍යයෙන් හදුනාගෙන අත්අඩංගුවට ගෙන නොමැතිව සිටි සැකකරුවන් 01 ක් සහ අපරාධ වලට අවශ්‍ය කරන සැකකරුවන් 06 ක්ද මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd