(ගයාන් සූරියආරච්චි සහ යොහාන් භාසුර)
යුක්තිය මෙහෙයුමට ක්‍රියාකාරීව සියළුම පොලිස් ස්ථාන හෙට (14) සම්බන්ධ විය යුතු බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කොට්ඨාශ භාර සියළුම නිලධාරීන්, දිස්ත්‍රික් භාර නිලධාරීන්, ස්ථානාධිපතිවරු සහ අපරාධ අංශ ස්ථානාධිපතිවරුන්ට විශේෂ උපදෙස් පන්තියක් පවත්වා උපදෙස් දුන්නේය.
විවෘත වරෙන්තු 35505 ක්, ඇගිලි සටහන් මාධ්‍යයෙන් හදුනාගෙන මෙතෙක් අත් අඩංගුවට නොගත් සැකකරුවන් 4258 ක් සහ අපරාධවලට අවශ්‍ය කරන සැකකරුවන් 2022 වර්ෂයේ 807 දෙනෙකු සහ 2023 වර්ෂයේ 1678 දෙනෙකු වශයෙන් සැකකරුවන් 2485 ක් දෙනෙකු ලෙස මුළු සැකකරුවන් 42248 දෙනෙකු පිළිබද ලැයිස්තුවක් අපරාධ අංශ ස්ථානාධිපතිවරු වෙත යොමු කළ බවද ආරක්ෂක අමාත්‍යාංශය කීය.
යුක්තිය මෙහෙයුම යටතේ ඉදිරි මාසයක කාලය තුල පොලිස් වසම් ආවරණය වන පරිදි මෙහෙයුම් සිදුකර ඉහත ලැයිස්තු 3 ට අදාල සැකකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමට පැය 24 පුරාම සියළුම අපරාධ අංශ නිලධාරීන් යෙදවිය යුතු බවට වැඩබලන පොලිස්පතිවරයා නියෝග කළේයෙ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන දේ උනත් මේක වෙන්න ඕනේ වැඩක් .මේ වෙලාවේ මේක කරන එක පිස්සුවක් වග පෙනුනට .මේක වෙන්න ඕනේ වැඩක් .කවදා හරි
ඒ අයගේ නම් ගම් දුන්නා නම් ලේසියි පැනගන්න.
" විශේෂ උපදෙස් පන්තියක් පවත්වා උපදෙස් දුන්නේය" , සිද්දාලේප කුප්පියක් ගිය උඩක්
යුක්තිය මෙහෙයුමෙන් කරන්නේ අනෙකුත් කුඩු මුදලාලිලාගේ කුඩු අල්ලා හිඟයක් මවලා දේශබන්දු ගේ සහ ටිරාන් අලස්ගේ කුඩු මුදලාලිලාට බිස්නස් සරු කරලා දෙන එකයි. ගල්කිස්සෙන් එනකොට කුඩු අන්ජු කෝටි ගණක කාර් එකක් දුන්න DIG රොහාන් ප්‍රේමරත්න නමැති වනචර දූෂිත නොසන්ඩාල යාට CID එක ඊයේ ඉඳලා භාරදුන්න එකෙන් ඒක ඔප්පු වුනා. දේශබන්දු ලා ටිරාන්ලා ජනමතයකින් පත්වෙච්ච එවුන් නෙමෙයි. අද පොලිස් දෙපාර්තුමේන්තුව ත්‍රස්ත සංවිධානයක් වෙලා.
කවුරු බැහැලා හරි කමක්නැහැ... පාතාලයින්, කුඩුකාරයින් මේරටින් අතුගා දමන්න. ඔවුන් රටේ ජනගහනයෙන් අඩු කරන්න. අපේ කිසිම විරුද්ධත්වයක් නැත.
කෝ තාම තෝරු මෝරු ඇල්ලුවේ නැහැනේ... අපිට දේශබන්දු ශුවර් නැහැ. එයාම කියයිද දන්නේ නැහැ... තෝරු මෝරුන්ට හැංගෙන්න කියලා...
ඔය මෙහෙයුමට සාපේක්ෂව උසාවි මෙහෙයුම්, සිර ගෙවල්, සූදානම්ද? එහෙම නැත්නම් අත්අඩංගුවට ගන්න අයට මොකක්ද කරන්න බලාපොරොත්තුව? තාම මේවා මෙහෙයවන කෙනෙක් ඇල්ලුවා කියලා නම් කොහේවත් සඳහනක් නැහැ...