IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


යුක්තිය නිසා අපරාධ අඩුවෙලා

(ගයාන් සූරියආරච්චි)

යුක්තිය මෙහෙයුමට යටතේ සිදුකළ වැටලීම්වලින් සහ මුර සංචාර හේතුවෙන් සමස්ථ අපරාධ සියයට 24 කින් අඩුවී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

ඉකුත් වසරේ මැයි මාසය තුළ සමස්ත අපරාධ 2055ක් වාර්තා වී ඇති අතර පොලිස් නිලධාරීන් වැඩි ප්‍රමාණයක් මැයි පළවෙනිදා සිට මාර්ගවල මුර සංචාර සඳහා යෙදීමෙන් පසු සමස්ථ බල අපරාධ සංඛ්‍යාව ගත වූ මාස පහට 1562 ක් දක්වා අඩුවී ඇති බව පොලිසිය කියයි.

මැයි මස 1 දා සිට පොලිසියේ 60% මුර සංචාර සඳහා යොදවන්නයි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් කොට්ඨාශ භාර නිලධාරීන්ට දුන් අභියෝගයෙන් පසු මුර සංචාර 55,853 දක්වා වැඩි කර ඇත.

එම කාලසීමාව තුළ ගෙවල් බිඳුම් 740ක්,දේපල සොරකම් 451ක්, වාහන හා යතුරුපැදි සොරකම් 136ක්, කොල්ලකෑම් 126ක්, රන් ආභරණ කොල්ලකෑම් 109 ක් වාර්තා වී ඇති අතර පසුගිය වසරට සමගාමීව ගෙවල් බිඳුම්, දේපල සොරකම්, වාහන හා යතුරුපැදි සොරකම්, කොල්ලකෑම් හා රන් ආභරණ කොල්ලකෑම් සියයට 24 කින් අඩුකර ගැනීමට හැකි වී ඇති බව පොලිස් මූලස්ථානය කියයි.

 



අදහස් (2)

යුක්තිය නිසා අපරාධ අඩුවෙලා

ප්‍රියන්ත Monday, 17 June 2024 06:35 AM

කුඩු නවත්තන්න නේද ඕක පටන් ගත්තේ? කෝ කුඩු නැවැත්තුවද? රට ඇතුලට කුඩු ගේන එක මහා පරිමාණ කුඩුකාරෙක්ව උසාවි දාලා දඬුවම් දුන්නද?

:       1       3

රෝයි ෆෙඩ්රික්ස් Monday, 17 June 2024 12:17 PM

මොන බොරුද තවම අර කෙහෙල් අලය විතරයිනේ ඇල්ලුවේ. කප්පම් තඩිය, කාපිරි තොලා ,සාටක රෑන උන් එතකොට සෝවාන් වෙලාද? මිරිස් කුඩ්ඩ නිදැල්ලේ .කකුලක් කඩපු කාපිරි තොලා තනි අන්ඩෙන් යන එකාට නඩු දාන්න යනව. තවම අපරාධ කාරයෝ නිදැල්ලෙ.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 521 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site