
(තිලකරත්න දිසානායක)
"යුක්තිය "මෙහෙයුම ආරම්භ නොවූයේ නම් ශ්‍රී ලංකාව චිකාගෝවක් වීමට තිබූ බව අමාත්‍ය ටිරාන් අලස් මහතා අද ගම්පහ , නයිවලදී පැවසීය.
වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුලු උසස් පොලිස් නිලධාරීන්ගේ සහභාගිතත්වයෙන් , ගම්පහ පොලිස් කොට්ඨාසයේ පොලිස්ථාන 19 කට අයත් ප්‍රජා පොලිස් කමිටු 709 ක නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහනකදී අමාත්‍යවරයා එසේ පැවසීය.
මෙහිදී අමාත්‍යවරයා තව දුරටත් අදහස් දක්වමින් සදහන් කර සිටියේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය හෝ ජාත්‍යන්තරය මොනවා ප්‍රකාශ කළද මෙරට මත් ද්‍රව්‍ය සහ පාතාලය මැඩලීමේ " යුක්තිය" මෙහෙයුම කිසිසේත් නතර නොකරන බවත් ලබන ජූනි 30 වෙනි දින වනවිට මෙම මෙහෙයුම හේතුවෙන් රටේ විශාල වෙනසක් සිදුවන බවත් නිලධාරීන්ට කටයුතු කිරීම පිනිස තමන් පොලීසියට හොද ශක්තියක් ලබාදී ඇති බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"යුක්තිය" යුක්ති යුක්තයි. ඉදිරියටම යමු කුඩ්ඩන්, කප්පම් කරුවන්, NGO කාරයන්, ජෙප්පන් හා පෙරෙට්ටන් කියන කතා නොතකා. ජයවේවා...
දැන් මේක විසාලා මහනුවර වගේද පේන්නේ ඇමැති තුමෝ? මිනීමැරුම් නොඅසන දවසක් නොතිබෙන ගානයි. අනෙක ඒ මිනීමරුවෝ පිටුපස ඉන්නේ වැඩිමනත් දේශපාලුවෝ නේද? මහා පරිමාණයේ මත්ද්‍රව්‍ය ගෙන්වීමටත් දේශපාලුවෝ සම්බන්ධ බව ප්‍රසිද්ධ දෙයක්. කප්පන් ගැනීමට, මිනී මැරුමට දඬුවම් ලැබූ අය මැති ඇමැතිවරු ඉන්නේ මේ පාර්ලිමේන්තුවේ. කොටින්ට කප්පන් දීමට චෝදනා ලැබූ කෙනෙක්..? මාල කඩපු, නීතිගත කසිප්පු විකුණන අය? සුනාමි, මහ බැංකුව කොල්ලකාපු අය? ඉන්නේ ඔබත් සමග පාර්ලිමේන්තුවේ. මහ උන් මර්දනය කරන්න, එතකොට පොඩි අයට නිකම්ම හැදෙන්න වෙනවා. මොකද අයව ආරක්ෂා කරන්න අය නැති නිසා...
චිකාගෝ වලට අන්තයි ලංකාව.. පොලිසිය දාමරිකයන් දාලා මිනිස්සුන්ට ගස්සන්නේ. චිකාගෝ වල එහෙම නැ...
ඇයි දැන් තමුන් හිතන් ඉන්නේ මේක තව්තිසාව කියලද?බොරුව කරන එකේ සීමාවක් තියාගන්න.
මම හිතුවේ ජනාධිපති විතරයි මිස්ටර් බීන් කියලා... බලාගෙන ගියාම මිස්ටර් බීන් වෙන්න ලොකු තරගයක් තියෙනවනේ...!
ඉතිං මේ උගත්, බුද්ධිමත් සභාතොමෝ මේ කියන ප්‍රලාප බහුබූත කෙප්පයක් ඉස් මුදුනෙන් පිළිඅරන් සාදුකාරයක් දුන්නාද?
මෙම මෙහෙයුමට ඇතුලත්විය යුතු මූලික අංගය විය යුත්තේ අනවසර ගිනි අවි භාවිතය අත්හිටුවීමයි. එසේ කළහොත් අනෙකුත් සියලු අපරාධ නිතැතින්ම පාලනය වනු ඇත. ඇල්ලීමට මත් ද්‍රව්‍ය ඉබේම නැතිව යනු ඇත. දේශපාලකයින්ට උපදෙස් දීමට තරම් බුද්ධියක් හා ආත්ම ශක්තියක් ඇති නිලධාරීන් නැතිකම රටේ අභාග්‍යයක් නොවේද?
රටම යුක්තිය සමඟයි, තරුණ පරපුර අපා දුක්විඳලා මරලා, කුඩු, පාතාලයෝ දරුවනුත් හදනවා,මුන්ට පිලිපීන ජනාධිපති කරපු දේ කළ යුතුයි.
ඇමැතිතුමනි, ඔබ ක්‍රියාත්මක කරන යුක්තිය අපට යුක්තියක්මයි... ස්තුතියි..!
ඒක දැන්ම කියන්න බැහැ. මොකද ඕක පටන් ගන්න කාලේ සහ දැන් තත්ත්වය අතර වෙනසක්නැහැ. ඊට පස්සෙ ඝාතන කීයක් වුණාද? ප්‍රසිද්ධියේම... අර පැජරෝව බෙලිඅත්තේ ඉඳන් ගෙදරට ඇවිත් හෝදලා ආයෙම යනකම් අල්ලගන්න බැරි වුණා. (පස්සේ හරි අල්ලපු එක හොඳයි)
අනේ මේ... නිකන් කයිය විතරයි. හැමදාම වෙඩි තැබීම්... ඕවා අල්ලගන්න බැහැ.
තමුන් ඡන්ද වාසි ගන්න LTTE එකට සල්ලි දුන්නේ නැතිනම් රට මීට වැඩිය වෙනස් තත්වෙක තියෙන්න තිබුණා... තුප්පහි වැඩ කරලා පොර ටෝක් දෙන්න එපා...