(විමුක්ති එස් රුද්‍රිගු)
විෂ මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා මෙරට ආරක්ෂක අංශ විසින් ආරම්භ කර ඇති යුක්තිය මෙහෙයුම වහාම අත්හිටුවන ලෙසත් මෙහෙයුමේ මෙතෙක් ගමන් මග සමාලෝචනය කරන ලෙසත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මනාව හිමිකම් විශේෂඥයන් ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇත.
යුක්තිය මෙහෙයුම දැඩි ආරක්ෂක ක්‍රියාමාර්ග මත පදනම් වී ඇති බවද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයන් පැවැසුවේය.
අනිවාර්ය පුනරුත්ථාපන මධ්‍යස්ථාන වහා වසා දැමිය යුතු බවත් ඒ වෙනුවට ස්වේච්ඡා, සාක්ෂි සහ අයිතිවාසිකම් මත පදනම් වූ, ප්‍රජා මූලික සමාජ සේවාවක් පිහිටුවිය යුතු බවත් ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය සැපයීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සූදානම් බවත් මනාව හිමිකම් විශේෂඥයෝ ප්‍රකාශ කළහ.
යුක්තිය මෙහෙයුම අත්හිටුවා විෂ මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා සෞඛ්‍ය හා මානව හිමිකම් මත පදනම් වූ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව අවධානය යොමු කළ යුතු බවද මනාව හිමිකම් විශේෂඥයන් පෙන්වා දුන්නේය.
මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ටද මානව හිමිකම් තිබෙන බවත් ඔවුන් තවදුරටත් සමාජයෙන් කොන් වීමට සහ වෙනස් ලෙස සැලකිලිවලට භාජනයටවීමට ඉඩ නොදිය යුතු බවත් එම විශේෂඥයන් පවසයි.සමාජීය සහ ආර්ථිකමය වශයෙන් කොන්වී සිටින සමාජ කණ්ඩායම් වලට අයත් මත්ද්‍රව්‍යවලට සම්බන්ධ යැයි සැක කෙරන වැරදිකරුවන් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීමේ සිදුවීම් දහස් ගණනක් වාර්තා වී ඇති බවත් එම සිදුවීම් එක්සත් ජාතීන්ගේ සංවිධානය හෙළා දකින බවත් මනාව හිමිකම් විශේෂඥයන් සඳහන් කළේය.
එසේම හමුදා විසින් පාලනය කරනු ලබන පුනුරුත්ථාපන මධ්‍යස්ථානවල මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් සිය ගණනක් රඳවා සිටින බවත් යුක්තිය මෙහෙයුම තුළදී මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ට වැරදිසහගත ලෙස සැලකීමේ සහ වධහිංසා පමුණුවීමේ සිදුවීම් වාර්තා වන බවත් මනාව හිමිකම් විශේෂඥයෝ ප්‍රකාශ කළහ.
මත්ද්‍රව්‍ය සම්බන්ධ යැයි සැක කෙරෙන වැරදිකරුවන් යුක්තිය මෙහෙයුමෙන් දැඩිව මර්දනය කරන ආකාරය පිළිබඳ මනාව හිමිකම් විශේෂඥයන් දැඩි කනස්සල්ල පළ කර ඇත.
මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනුරුත්ථාපනය කිරීමේදී ඔවුන්ගේද කැමැත්ත ඇතිව පුනුරුත්ථාපනය කළ යුතු බවත් ඔවුන්ට ප්‍රතිකාර ප්‍රතික්ෂේප කිරීමේ අයිතියක් තිබෙන බවත් එම විශේෂඥයෝ ප්‍රකාශ කළහ.
පුනුරුත්ථාපනය කිරීමට යොමු කිරීමේදී අසමාන ලෙස සැලකීම, වධ හිංසා පමුණුවිම , නීතියේ නිසි ක්‍රියාදාමය අනුගමනය නොකිරීම පිළිබඳ වාර්තා වන සිදුවීම් සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් කරන ලෙසද ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මනාව හිමිකම් විශේෂඥයෝ පැවැසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක පිටපතක් ද? අයියෝ පට්ට චාටර් ...
මෙයාලගෙ මේ කියුම්වලට යටත් වෙන්න ඕන නැහැ. මුකුත්ම කරකියාගන්න බැරි රටවලට තමයි මෙයාල පාට් දාන්නෙ. ඊශ්‍රායලය අමු අමුවේ ළමයි ඇතුළු දහස් ගණනක් මරණව . වචනයක් කතා නැහැ. ලංකාවෙ මේ වෙන දේ මිනී මරණ ඒව නෙවෙයි. අපේ එවුන්ට කොන්ද පණ තියෙනව නම් මුන්කියන ඒව ගණන් නොගෙන වැඩ කරන්න ඕන.
අපේ පළාතේ ජීවත් වෙන්න බෑ කුඩු කාරයෝ අමු අමුවේ අහිංසක මිනිස්සුන්ට කරදර කරනවා. පොලිසිය නිදි. මානව හිමිකම් සංවිධාන ඉන්නේ අපරාධකාරයෝ රකින්න ද? කියන දේ තේරෙනවා. නමුත් අපිටත් අයිතියක් තියෙනවා නේද ජීවත් වෙන්න?
විජාතික බලවේග කියල අපේ ගොබ්බයො දැන් රෙදි උස්සගෙන එයි. මානව හිමිකම් කියන්නෙ මොනවද කියල අපේ රටේ ළිං මැඩියො දන්නෙ නෑ.
ඔය කියන ඊනියා මානව හිමිකම් සංවිධාන මතට ඇබ්බැහි වූවන් නිසා පීඩා විඳින අයගේ මානව හිමිකම් ගැන සොයා නොබැලීමයි අභාග්‍යය. මතට ඇබ්බැහි වූවන් මරා දැමීමට තීරණය කරලා තියනවානම් ඔය කියන සංවිධාන හඩ නැගුවාට කමක් නෑ, නමුත් මේ කරන්න යන්නේ ඔවුන් පුනරුත්ථාපනය කිරීමක්. දැන් කාරණාව හොඳටම පැහැදිලියිනේ, මේ ජාත්‍යන්තර මත් ජාවාරම් පිටුපස සිටින්නේ කවුද කියන එක. බැටළු සම් පොරවාගත් වෘර්කයින් කවුද කියන එක දැන් පේනවා.
දුසරිත ලෝකයෙන් තුරන් වෙනවාට අකමැති පිරිස් ඉන්නවා
මානව හිමිකම් කමින් පාතාලය සහ කුඩු ජාවාරම්.කරුවන්.රකින්නට යන මේ නඩයටත් රජයෙන් හොඳ පිළිතුරක් ලැබේවි යැයි විස්වාස කරමි
ධනවත් දියුණු රටවල් කරන දේවල් කරන්න නම් උපදෙස් එක්ක සල්ලිත් දෙන්න. නැතිනම් තමන්ගේ පාඩුවේ ඉන්න.
යුක්තිය නෙමෙයි අයුක්තිය
මානව හිමිකං කාරයොත් මත්ද්‍රව්‍ය හිමිකං කාරයන්ගෙ නියෝජිතයො වගෙයි පේන්නෙ.
යුක්තියට මුවාවෙලා අහිංසකයින් කී දෙනෙක් ඇල්ලුවද?
දෙමළ ත්‍රස්තවාදය තිබුණු කාලයේ මුන් කිඹුල් කඳුළු හෙළුවේ ත්‍රස්තයන් වෙනුවෙනි. සිංහල ත්‍රස්තවාදය තිබුණු කාලයේ මානව හිමිකම් කප්පිත්තන් නිදි වැද සිටි අතර පාතාලය මර්දනය කරන විට පාතාල පැත්තට හෝයියා කීමට පුරුදුව සිටියි. කුඩ්ඩන්ට එදිරි සටනේ දී මේ මානව හිමිකම් වෙළෙන්දන් කුඩුකාරයින්ගේ පැත්තට දරදිය අදියි. එම පදයට නටන ලෝකල් ජෝකර්ලා ද කළු කොට අතර මෙන්ම ජෙපි සහ සජබ දායක සභාවල ද රඟනු දැකිය හැකිය.
මේවට හිනා යන්නෙ කොහෙන්ද මන්ද