(ගයාන් සූරියආරච්චි)

යුක්තිය මෙහෙයුම යටතේ ගත වූ පැය 24 ට මත්ද්‍රව්‍ය වැරැදි සහ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් සැකකරුවන් 730 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 154 ක් සහ මිලිග්‍රෑම් 267 ක්, අයිස් ග්‍රෑම්  81 ක් සහ මිලිග්‍රෑම් 485 ක්,  මත්පෙති 840 ක්, මදන මෝදක ග්‍රෑම් 209 ක් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් අතඅඩංගුවට ගෙන තිබේ.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 526 දෙනා අතරින් සැකකරුවන් 04 කට රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර  මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් 01 ක් පුනරුත්තාපනය සදහා යොමු කර ඇත.