(යොහාන් භාසුර)
'යුක්තිය' මෙහෙයුම යටතේ රට පුරා පසුගිය පැය 24 තුළ ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලදී සැකකරුවන් 1229 ක් අත්අඩංගුවට ගත් බවත් ඉන් සැකකරුවන් 86 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන කරන බවත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් අද (1) පෙරවරුවේ පැවැසීය.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවු පුද්ගලයින් 40 දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කළ බවත් එම අමාත්‍යංශය කියයි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 100 ක් ද ඊයේ අත්අඩංගුවට ගත් බව කී එම නිලධාරියා එහිදී හෙරොයින් ග්‍රෑම් 400 ක්, අයිස් ග්‍රෑම් 260 ක් සහ ගංජා කිලෝ 15 යි ග්‍රෑම් 300 ක් ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බවද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා පරිමාණයෙන් කුඩු රටට ගෙන්වන අය එක්ක පොලිසියේ ලොක්කන් කන බොන කොට මොන මෙහෙයුම් කළත් කිසිම වැඩක් නැහැ...